හායි මෙයාලා.........වෙරි ගුඩ් මෝනින් උයාලා ඔක්කෝ...ටම. උම්ම්ම්මා
උම්ම්ම්ා
අදත් ඔන්න කිකී ඇවිල්ල ඉන්නවා මූණට මූණ වැඩසටහනත්
එක්ක ඔයාල ආස සෝන්ග්ස් ගොඩා..රියකුයි , පට්ට හිනා යන කතා ගොඩකුයි ඒ වගේම අද අපේ
වෙරි ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් ඒ කියන්නෙ අමුත්තෙක් ඉන්නවා.. ඔයාලා හැමෝම ගොඩා..රියක්
ආදරේ කරන ඕල් රවුන්ඩර් කෙනෙක්.
මෙතුමා
නටන්න ගයන්න නිවේදනයට රගපාන්න විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටත් ප්‍රසිද්ධ ෆීල්ඩ්
එකේ දැවැන්තයෙක්. ඔයාලට පුළුවන්ද ගෙස් කරන්න මේ කවුද කියලා. පුළුවන්නම් කතා තරන්න
0112222222 ට. කතා කරල කැමති සෝන්ග් එකක් රික්වෙස්ට් කරන්න. කැමති කෙනෙක්ව සෝන්ග්
එක බලන්න එකතු කරගන්න. ඇන්ඩ් අනදර් තින්ග් ඊස් යූ කැන් ලයික් අස් ෆ්රෝම් අවර්
ෆේස්බුක් පේජ් ...
ඔවු.. ඔන්න ඉන්නවා අද අපේ පලවෙනි කෝලර්.. හෙලෝ..
කවුද මී..
හැලෝ.. මම
මේ හොරොවුපතානෙන් සිරිසෝම කතා කරන්නෙ.
ඔවු.. සිරිසෝම ඔයා ගෙස් කරනවද අද කවුද අපේ
අමුත්තා කියල. හැබැයි ඊට කලින් ඔයාගෙ ටෙලිවිෂන් එකේ සවුන්ඩ් එක චූ..ට්ටක් අඩු කරල
එනවද.
ආ හරි හරි
අක්කේ අඩුකලා.
ඕ..කේ.. ගුඩ් බෝයි.. නවු කියන්නකො
අක්කේ මම
කතා කලේ සිංදුවක් ඉල්ලන්න. අද අපේ නැන්දම්මගෙ උපන්දිනේ.. ඒකට සුබ පතන්නත් ඕන.
හරි ඔන්න...අපි හැමෝමයි චැනල් එක්ස් එකේ කෲ එකයි
සේරෝ..මලා ඔයාගෛ නැන්දම්මිට විෂ් කරනවා..හැපි බර්ත්ඩේ කියලා... මොකද්ද ඔයාට ඕන
සිංදුව ගුණසෝම?
අක්කෙ මම
සිරිසෝම.
ඕ සොරි සිරිසෝම.
මට දෙන්න
අක්කේ ශාන් අයියගෙ අළුත්ම සිංදුව. ශාන් අයියට අපි හැමෝම මාර ආසයි අක්කෙ අපි හැමෝම
එයාට තමයි එස් එම් එස් ගැහුවෙ. අපි හිතුවෙ එයා දිනයි කියලමයි. අපේ නංගි එයාගෙ
කොන්ඩෙටත් මාර ආසයි. මම ශාන් අයියට විෂ් කරනවා මේ වෙලාවෙ. ඒ වගේම චැනල් එක්ස්
එකටත් ස්තුති කරනවා නවක ගායන තරු අදුන්නල දීලා ලංකාවට මෙච්චර සේවයක් කිරී ම ගැන.
අ... සිරිසෝම තෑන්ක් යූ වෙරි මච්. ඔයා ඉල්ලන්නේ
ශාන්ගෙ පෙරේදා රිලීස් වෙච්ච සෝන්ග් එකද නැත්තං අද රිලීස් වෙච්ච සෝන්ග් එකද?
අක්ක කැමති
එකක් දෙන්නකො.ආ අක්කකෙ අද අක්ක හරි... ලස්සනයි. ඔය හෙයාස්ටයිල් එක අක්කට හොදට
ගැලපෙනවා.
ඕ.. තෑන්ක්ස් සිරිසෝම..උම්මා....ඕ...කේ.. එහෙනම්
සෝන්ග් එකට කට්ටිය එකතු කරගන්නකො
මම එකතු
කරගන්නවා මගෙ නැන්දම්මයි, නෝනයි, ලොකු දුවයි, ලොකු දුවගෙ ලොකු පුතයි පොඩි දුවයි, මගේ
පොඩි දුවයි, පොඩි දුවගෙ ඉස්කෝලෙ යාළුවො ටිකයි, පහල ගෙදර රතු බාප්පයි, උඩහ ගෙදර
සුදු අක්කයි, මද්දු පුතාගෙ වැඩපලේ කට්ටියයි, එගොඩහ රත්තෙ බාප්පයි, කොටුවෙ ගෙදර
ලොකු කෙලී බදින්න ඉන්න කොල්ලගෙ පවුලෙ අයයි, අපේ ටොමියයි, ටොමියගෙ ගෑණී...
හරි නෝටියා මාව එකතු කරගත්තෙ නෑ නේ....ඕකේ.. ඕකේ
එහෙනම් අපි ඔය ඔක්කෝ..මල එකතු කරන් සෝන්ග් එක බලමු.
“අහ අහ ජිගි ජිගි චා
අහ අහ ජිගි ජිගි චා
ඔයාව මම දැක්කා බස් එකේ - මං බිමට
පැන්නා ජනේලෙන්
මගෙ කොන්ද කැඩුනා - ඔයා බලං හිටියා
අහ අහ ජිගි ජිගි චා අහ අහ ජිගි
ජිගි චා
මම ආදරෙයි.. ඔයා ඇයි මට ආ.. දරේ
නැත්තේ
මම ලිදේ
පනිනවා - මගෙ සුදු කුක්කු පැටියා
ඔයා එනවද මා
එක්ක... අහ අහ ජිගි ජිගි චා අහ අහ ජිගි ජගි චා
නිල්සාරී.................................”
මේ දවස්වල ලංකාවේ සෝන්ග්ස් චාට්ස්
වල උඩින්ම තියන ලස්සනම ලස්සන සෝන්ග් එක තමයි අපි ඒ ඔයාලට දුන්නෙ. එහෙනම් අපි දැන්
හැරෙමු අපේ ගෙස්ට් දිහාවට. ඔහුගෙ නම නොකිවුවත් දැක්ක ගමන් හැමෝ අදුරනවා.ඔහු තමයි අපේ
ප්‍රවීන ආර්ටිස්ට්.. කණිෂ්ක කොඩිතුවක්කු.. එහෙමත් නැත්තම් හැමෝම ආදරේට කතා කරන
කොඩී..
මාත් කොඩී කියල කතා කලාට කමක් නෑ
නේද? ගුඩ් මෝනින් ඔබතුමාටත්
ගුඩ් මෝනින් කිකී.
අපේ කාල වෙලාවත් එක්ක අපි
පුළුළුන් තරමක් අද කතා කරමු. කොහොමද ඉතිං මේ දවස්වල වැඩ කටයුතු.කලා කටයුතු
ඔවු ඇත්තටම මේ දවස්වල හරිම බිසි.. මම ඩිරෙක්ට් කරන
ටෙලි ඩ්‍රාමාස් දෙකක් ටෙලිකාස්ට් වෙනවා. එකක් ගෙම්බා අනික නැන්දම්මයි ලේලියි.
ගෙම්බා අළුත් මෙගා එක. ඒකට ඉතාම හොද ප්‍රතිචාර දැනටම තියනවා. නැන්දම්මයි ලේලියි
එකේ දැන් යන්නෙ 819 වෙනි එපිසෝඩ් එක. ඒකටත් ඉතා හොද ප්‍රතිචාර තියෙනවා. මට රගපාන්න
ගොඩක් ආරාධනා එනවා. ඒත් කාර්යබහුල නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න උනා. ඒ ගැන මම මගේ
රසිකයන්ගෙන් සමාව අයදිනවා.
ම්ම්..කොඩී එතකොට නැන්දම්මයි ලේලි
අවසන් කරන්න ඉන්නෙ කොටස් කීයකින්ද?
ඇත්තටම මම ඒ ගැන තාම හිතල නෑ ප්‍රධාන නිළිය 5 වෙනි
වතාවට මේ එපිසෝඩ් එකේ මාරු උනා. එතැන් පටන් අළුත් කතාවක් වගේ යනවා.
ම්ම්..කොඩී ඔබ මෙතෙක් ආපු ගමන්මග
පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න කිවුවොත්.
ඔවු ඇත්තටම කලාව කියන එක පොඩි කාලෙ ඉදලම මගෙ ඇගේම
තිබුන එකක්. මම කලා ජීවිතේ පටන් ගත්තෙත් චැනල් එක්ස් එකෙන්. මම මුලන්ම වයස අවුරුදු
10දි පුංචි තරු ප්‍රෝග්‍රෑම් එකේ අනිතිම 35000 දෙනාට තේරුනා. එතනින් පස්සෙ අවුරුදු
16 වෙනකන්ම මම පුංචි තරු වලට සහභාගී උනත් 20000න් උඩට යන්න බැරි උනා. ඊට පස්සෙ වයස
හරි නිසා තරුණ තරු ප්‍රෝග්‍රෑම් එකට ආවා.. ඒකෙන් මට විශාල ජනප්‍රියත්වයක් ලැබුනා.
ඒකෙ අන්තිම 25ට වෙනකන් ඇවිත් ඉවත් උනා. ඒකෙදි ඇතිවෙච්ච ඇදුනුම්කම් වලින් ටෙලි නාට්‍යවල
පොඩි පොඩි චරිත ඇක්ට් කරලා ඊට පස්සෙ මමම ටෙලි නාට්‍යයක් ඩිරෙක්ට් කරල ප්‍රධාන
චරිතෙ ඇක්ට් කලා. ඊට පස්සෙ තරුණ තරු වැඩසටහනේ නිවේදන කටයුතු වලට ආරාධනාවක් හම්බුනා.මේ
වෙද්දි නිවේදනයෙන් රංගනයෙන් ඈත් වෙලා අධ්‍යක්ෂණය හා නිශ්පාදනය තමයි කරන්නෙ.
ඔබට සහජ දක්ෂතාවය ඇරුනම මේ ප්‍රෙෆෙෂන්ස්
හදාරල තියෙනවද?
පිස්සුද නංගි මේවයෙ මොනවද හදාරන්න තියෙන්නෙ.
ඒ කියන්නෙ කොඩී නිශ්පාදනය හා අධ්‍යක්ෂණයත්
ඔය තරම් ලේසිද?
අයියෝ මොකක් කියනවද නංගි
දැන් පදුරකට පයින් ගැහුවොත් නළු නිලි උණ තියන ඔය තරු
ප්‍රෝග්‍රෑම් හැට හුටහමාරෙන් එලියට විසිවෙච්ච කෙල්ලො කොල්ලො රොත්තක්
අහුලගත්තැහැකි. උන්ට ගෙවන්න ඕනෙත් නෑ..ඕනෙම නම් මුලින් පොඩ්ඩක් ගෙවනවා. සල්ලි
ඉල්ලං ආවොත් ඒ චරිතෙ කපනවා. ඊට පස්සෙ උන්ටම කියල ඇදුම් ටිකත් ගෙන්නගන්නවා. මේකප්
ආටිස්ට් කෙනෙක් එහෙම පොඩියට සෙට් කරන් ඔය හැම ටෙලියටම ගන්න ගෙයක් දෙකක් සෙට් කරගෙන
කැමරා කරන පොඩි ෆර්ම් එකක් අල්ලගත්තම වැඩේ ගොඩ. නන්නත්තාර වෙච්ච අධ්‍යක්ෂක
කෙනෙකුත් ගත්තම ඇති ඕනමනම්.නැත්තං ඒකයි තිර රචනයයිත් තමන්ටම කරගත්තැහැකි.
උදේම සෙට් එකට යනවා.කතාව කලින් දවසෙ නවත්තපු තැනින්
පටන් අරන් කැමති විදිහට දෙබස් ටිකක් ලියනවා පැය කාලකට සෙට් වෙන්න. පැය බාගෙන්
කාලක් ඇඩි නිසා අවුලක් නැහැ. දෙබස් කිවවුට හැමදාම පෙන්නන්නෙ ගෙදර මිනිස්සු උදේ නැගිටිනවා, මූණ හෝදනවා,
කනවා, කනකොට කෙහෙලි ගෙඩිය ලෙලි ගහනවා ජෑම් බෝතලේ අරිනවා වගේ ඒව පෙන්නනවා, ඊට පස්සෙ
ගේට්ටුව අරිනවා කාර් එක එලියට දානවා, ඔය ටිකයි රබර් වගේ පවුල් ප්‍රශ්න ටිකකුයි
දැමමම නංගි එපිසෝඩ් ලක්ෂයක් උනත් හදන්න බැරියැ.
දැන් කොඩී මිනිස්සු බලනවද ඔහොම
හැදුවම/?
අපෝ නැත්තෙ මොකෝ. බලන්නෙම නැත්තං පැය දෙකක් එක දිගට
බැලුවොත් තෑගි හම්බවෙන සල්ලි දෙන තරගයක් එහෙම දැමම්ම වැඩේ ගොඩ. අපේ කට්ටිය කාසි
ගනන් කර කර ඕව බලනවා.
බ්රේක් එක අතර .
-
"නංගි මම අප්සට් මුකුත් කිවුවෙ නෑ
නේ. "
නෑ අයියෙ අවුලක් නැහැ. පොඩ්ඩක් ඉන්න අයියෙ මම කෝලර්ස්ලා තුන් හතර දෙනෙක්
හොයාගෙන එන්නම්.
" ඇයි නංගි කෝලර්ස්ල හොයන්නෙ?"
-
නැත්තං කවුද අයියෙ වියදම් කරන්
මේවට කෝල් කරන්නෙ. ඔය දන්න කියන කෙනෙක්ව දම්මලා වෙන වෙන නම් වලින් කතා කරවනවා.” -
ඔන්න අයියෙ ලයිව් දානවා.
හා..යි අපි නැවතත් මූණට මූණ ප්‍රෝග්‍රෑම්
එකත් එක්ක...




