Saturday, May 24, 2014

දයාබර දුයිෂෙන් වෙත


ඔළුව ඇතුලෙ මහා පවුරක් බැඳල වගේ ලියන්න දෙයක් මතකෙට එබිකම් කරන්නෙම නැති කොට, හිතම පුස්කාලා වගේ මුකුත් හිතෙන්නෙම නැති කොට, බ්ලොග පාළුවට අරින්නත් හිතට හිතක් නැති කොට, 

අවුරුද්දකට විතර කලින් ජංගමයගෙ මූණත්තහඩුවෙ හදිස්සියට කොටපු නිසඳැසක් මතක් උනා..

ඒ දවස්වලම අන්තිම පේළියෙත් පළවෙච්චි එකක්.සිතුම් සිහින මල්ලියත් මේක බ්ලොගේ දාන්න කියල කියල තිබුන දවසක්දා.

අච්චාරු කඩේ පාළු කපන්නක් එක්ක මේකෙත් සටහන් කරල තියන්නම් :)


දයාබර දුයිෂෙන්,

නුඹ නම් නොගොස් ඇත,
පොප්ලර් අතු රිකිලි වල
වැදී හමන පවන දැනෙන ඉමෙන් ඈතට.
නමුදු ගියෙමි මම,
නැත්තකු සේ සිත් පිත්
ඇගේ සිත දවා තබා.
කළයුතු සහ හැකි,
සියළු යුතුකම්,
අල්තීනායි වෙනුවෙන් කළ නුඔ,
පසුනොතැවෙනු ඇති බව අදහමි ඉඳුරාම.
නමුත් මම වීමි
ආත්මාර්ථකාමියෙක්‍,
යුතුකම් පැහැර හැරි.
ඇය තවමත් සිටින්නීය බලා,
මා එනු ඇතැයි.
ඇගේ සිත බිඳක් සනහනු වස්,
ඇය වෙනුවෙන් ඇදි මේ සිතුවමත්,
ගත් පොරෝනාවත්,
ගෙනගොස් දෙන්නට ‍හැකිද
ඊළග කටුක ශිශිරයට පෙර,
නුඔ බෙදන ලියුම් මිටියෙහි සගවාගෙන,
මගේම වන්නටත්,‍
මගේම කරගන්නටත් පැතූ,
නොරිකෝ සං වෙත?
ඇයට ‍ද්‍රෝහී වූ,
මගේම නොවූ,
මගේම ආලයත් සමගම ?

-දෙවෙන්දොරා සං-

22 comments:

  1. දුයිෂෙන්, අල්තීනායි..................... පොප්ලර් වෘක්ෂයෝ............. අකුරු උගන්නපු ඉස්කෝලේ................. ලියුම් බෙදපු දුයිෂෙන්...... උගත් අල්තීනායි................. මගේ ජීවිතේ සිදු වූ දේවල් දැයි විටෙක මට සිතෙන තරමට ගුරු ගීතය මගේ ම වෙලා....... ගුරු ගීතය කියන්නේ මගේ නම් ජීවිතය වෙනස් කළ කතාවක්.... ඒක කතාවකටත් වැඩිය මගේ ජීවිතේ කොටසක්...................

    ReplyDelete
    Replies
    1. හ්ම්..ගුරු ගීතයට ආදරය කළවුන් කරනවුන් බොහොමයක් අතර ඔබත් කෙනෙක් බව දැනගන්න ලැබීම සතුටක්,ස්තුති කුරුටු

      Delete
  2. ස්තුතියි චින්ගීස් අයිත්මාතව්

    ReplyDelete
    Replies
    1. හැට්ස් ඕෆ්! ස්තුති

      Delete
  3. Replies
    1. ඉස්තුති වේවා සීයේ

      Delete
  4. හව්................................................

    ReplyDelete
  5. අන්තිම පේළියෙනුත් කියෙවුවා මේක ඔයාගෙන්ම පාර අහගෙන. නියමයි සාශෝ!!

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්..දුටිමි දුටිමි.ටංකු බස්සියෝ..

      Delete
  6. මගේම නොකර ගත්තට....
    මමත් ආලේ කොලා....
    කලක් කීප දෙනෙකුට.......
    නොරිකො සාං ල..........

    ReplyDelete
    Replies
    1. ඒමද? කීපදෙනෙක්ටම... එ්කත් නරක නෑ

      Delete
  7. පට්ට සාසො...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති ස්තුති මෙයා...ජයවේවා!

      Delete
  8. කියන්න ලොකු දෙයක් නෑ අයේ පට්ට නිකන් නෙවෙයි වල්ල පට්ට ..රුසියන් පොත් කියන්නෙ වෙනම ලෝකයක් ,

    ReplyDelete
    Replies
    1. බෙ‍ා්ම් ඉස්තුති සහෝ!
      හ්ම් ඇත්ත ඒකනම්.වෙනමම ලෝකයක්

      Delete
  9. දුයිෂෙන් ,අල්තිනායි, නොරිකො සං අතරේ මම තාම දෙවොන්දරා සංව හොයනවා. බැහැ මට තාම හොයාගන්න බැහැ. කවදාවත් හොයාගන්න එකකුත් නැහැ.....

    නියමයි සාෂා!!!!

    ReplyDelete
    Replies
    1. දෙවොන්දරා සං ට මම කැමති නැහැ.ඒ මම නොරිකොගෙ පාර්ශවයේ නිසා වෙන්න ඇති.

      Delete
  10. මං කිව්වනෙ අක්කේ............ මේක පට්ට. ගුරු ගීතයයි මළගිය ඇත්තෝයි කියන්නෙ අයෙ කතාකරල වැඩක් නෑ.......... එල

    ReplyDelete
  11. එකගයි සහෝ. ජයවේවා

    ReplyDelete