Friday, March 14, 2014

නවතින්නට එනවද සිතිජයට කලින්



                                                            සරතැස නිවා සනහන්නට ගිම්හානේ
                                                            වට බිඳු වැස්ස විය නුඹ මා හිත් මානේ
                                                            වැහිබර මේකුළින් වියැකුනු හඳපානේ
                                                            අඩුකම මැකූ තරුවයි නුඹ රෑ පානේ

                                                            හීන් සීරුව‍ට පටලන් ඇඟිලි තුඩින්
                                                            රොබරෝසියා මල් ඉහිරුනු පාර මැදින්
                                                            ඇවිදන් ගිහින් සැනසිල්ලේ හෙමින් හෙමින්
                                                            නවතින්නට එනවද සිතිජයට කලින්

                                                            කවි සිත පුබුදුවෙන මහ රෑ වෙලාවක
                                                            නුඹෙ වුවනත දිලිසෙයි ලෙස පුන් සඳක
                                                            ඈ හා ගියොත් තියලා මා දුක් ලොවක
                                                            පතනෙමි ලඟින් ඉන්නට සසරෙහි දිනක
read more ››

Monday, March 10, 2014

චොකලට් කෑල්ල

                         



අනිවා ඩෙෆා උඹේ බෙල්ලෙ පොට යනවා වැඩි වෙලාවක් යන්න කලින්.මොකද්ද බං ඔය ජිරාෆ් වගේ ඉස්සි ඉස්සි බලන්නෙ?
නෑ බං මම අර කෙල්ල මෙහෙ ක්ලාස් එනවා අදමනෙ දැක්කෙ.
කොයි කෙල්ලද යකෝ...
මචං අර ඉස්සරහ ඉඳලා තුන්වෙනි කණුව ළඟ පේළියෙ එහා කොනේ ඉන්න චොකලට් පාට කෙල්ල බං.
ඔහෙප් පලයන් චොකලට් පාට? අර රෝස පාට බ්ලවුස් එකද?
තොට පාට පොට්ටතාවයද යකෝ? ඒ රෝස පාට නෙමේ දම් පාටනෙ.
හරි බං මොකක්හරි. යකෝ මූ කෑ ගහන්නෙ හරියට මුගෙ නංගිගෙ සාය දිහා බැලුව වගේනෙ.. දැන් උඹ අඳුරනවද ඒකිව?
දවස් ‍ දෙකක් හම්බවෙලා තියෙනවා බං මගදි
වෙන්න බෑ !  උඹ බෙල්ල කඩාගෙන බලන විදිහටයි.කළු කෙල්ලට එහෙම කියන්න දුක හින්දා චොකලට් පාට කිවුව එකයි, මට යටි ගිරියෙන් කෑ ගහපු එකයි  සලකා බැලූ කල මචං..තරමක් දුර දිග ගිය සම්බන්ධතාවයක සලකුණු මගේ නුවණැ’ස ට පේනවා මචං.
අනේ තොගෙ නුවණැ’ස! නෑ බං ඒකිට මාව මතක දන්නෙත් නෑ දැන්නම්.මාස දෙකකට විතර කලින් මම සෙනසුරාදා දවල් කෙමා ක්ලාස් ඇරිලා ගෙදර එන ගමන් 120 බස් එකේ හිටියෙ.මේකි නැග්ගා මචං බස් එකට බොරලැස්ගමුවෙන්.බස් එකේ සීට් ගානට වගේ තමා සෙනඟ හිටියෙ.මම ඉස්සරහම වාඩිවෙලා හිටියෙ.මගෙ එහා පැත්තෙ සීට් එක හිස් හරි?
මේකි දඩ බඩ ගාලා නැගලා වාඩි උනා මගෙ ගාව සීට් එකේ.මේකිගෙ එක අතක සිංහරාජෙ පොඩි එක වගේ හෙන බෝගන්විලා පැලයක් මචං.ඒකෙ කොළයි මලුයි කටුයි අතුයි හොඳට හැදිලා.අනික් අතේ මචං කුඩෙයි පොත් පුරෝපු ක්ලියර් බෑග් එකකුයි.කරේ තව සයිඩ් බෑග් එකක්.දැන් මචං වාඩි උනානෙ.‍‍ අර තඩි මල්ල මගෙ ඇ‍ඟේ, බෝගන්විලා කටු මගෙ කනේ.මල් ඔළුවෙ.ටිකකින්ද කොහෙද මේකිට ඒක මීටර් උනේ
ආ හොඳයි තෝ වගේම ටියුබ් ලයිට් කේස් එකක්
අහපන්කො ඉතිං....මේකි ඒ ගමන අනේ සොරි අනේ කියල හෙන වැරැද්දක් කලා වගේ බැල්මන්ට් එකක් දාලා පැලේ ගත්තා එහා පැත්තට.ඊලගට දැන් ට්‍රයි කරනවා අර කුඩේ බෑග් එකට ඔබාගන්න.අර විසාල පැලේ එක්ක බෑ.ඒක බිම තියන්නෙත් නෑ හැබැයි.ඒ ගමන පවු නේ මම ඉතිං පැලේ ටිකකට ගත්තා තියාගන්න.‍මේකිත් හිනා වෙලා අර තිබුණ ලට්ට ලොට්ට ටික බෑග් එකට ඔබාගෙන නිදහසේ යනවා.දැන් මචං පැලේ මතක නෑ.මාත් දැන් බලං හිටිය මොකද කරන්නෙ කියලා.
ටිකකින් ආ..නේ සොරි අනේ මට අමතක උනා.අනේ තැංකිවු  කියලා පැලේ ගත්තා.මට මචං මැරෙන්න හිනා මේකිගෙ වැඩ වලට.මෙලෝ සිහියක් නෑ හරි..ඊලඟට කොන්දගෙන් ටිකට් ඉල්ලනව‍ මචං බොරලැස්ගමුවට.කොන්ද නිකං කින්ඩියට බැලුවා.ඒ ගමන .තමා ඒකිට ඒකත් මීටර් උනේ..අන්තිමට මම බැස්ස හෝල්ට් එකෙන්ම බැස්සා මචං.අර ඔක්කම උස්සගෙන නැගිට්ට විතරයි ක්ලියර් බෑග් එක ඇරිලා පොත් 10ක් විතර සී සී කඩ බස් එක ඇතුලෙ.වෙලාවට වැඩිය සෙනඟ නෑ.මම ආයෙ අර පැලේනම් ගන්න ගියේ නෑ පොත් ටිකක් අහුලලා දුන්නා.
උඹ ඉතිං කවදත් ගෑනු ළමයින්ට උදවු කරන එකානෙ.නැද්ද
ඇයි මොකද උඹ නිකං අමුතු විදිහට ඒක කිවුවෙ
සන්තෝසෙට බං.
එදායින් පස්සෙ දැනට සති දෙකකට විතර කලිනුත් දැක්කා බං ලයිබ්රි එකේදි.කෙල්ල මාව දැක්කද කියලා මට මීටර් උනේ නෑ.අද තමා අපේ ක්ලාස් එකේදි දැක්කෙ.මම හිතං හිටියෙ නංගි කෙනෙක් කියලා.
ඇත්තට...උඹ සෑහෙන්න මතක තියාගෙන සෑහෙන්න හිතල තියෙන පාටයි..හාකො හාකො ඔහොම යන්කෝ...
අනේ පලයන් බං යන්න. මේ අද ඉන්ටවල් නැද්ද බං?බඩගිනි. කෝ ගනින් අර බිම තියෙන හෑන්ඩ් බිල සර්ට චිට් එකක් ලියන්න.

මොකෝ රස්නෙද?
ඔවු අනේ ගෘප් ක්ලාස් එකේනම් ඒ සී නෙ.
ඒ සී එකටත් එක්කනෙ සල්ලි ගන්නෙ
 හි හි ඔවු ඒකනෙ.මේකෙ ඉන්ටවල් කීයටද?
සර්ට බඩගිනි වෙච්ච වෙලාවට තමා.
හපෝ මෙහෙත් එහෙමද? ගෲප් එකෙත් එහෙම තමා..අපි නම් සර් ළඟින් යනකොට සමහර වෙලාවට කියනවා බඩගිනි සර් කියලා.ඒකෙ චිට් බලන්නෙත් නැනෙ.
අන්න අද කියනකොටම ඉන්ටවල්.ඇහුනද දන්නෑ..
හි හි මුලින් වොෂ් රූම් ගිහින් එමුද?
ඔවු නැත්තං එතන සෙනඟ පිරෙනවා උඩ ක්ලාස් එකටත් ඉන්ටවල් දැම්ම දුන්නොත්.
යං යං.මටත් මූණ ටිකක් හෝදගන්න ඕන.

අන්න උඹෙ චොකලට් කෑල්ල එනවා
කෝ කෝ?
අර ඉන්නෙ බං කවුන්ටරේ ගාව.
ආ ඔවු නේ..ඒකිට මාව මතකද දන්නෑ නේ බං?
දැන් උඹට ඕන ටෝක් කරන්නද?
පිස්සුද බං මම නිකං ඇහුවෙ
ආ මචං මේ පත්තර කෑල්ලවත් ගනින් ?
මේ මොකටද?
ඔය කට දෙපැත්තෙන් පෙරෙනවා පිහිදගනින්.
අනේ පලයන්  බං යන්න! පෙරන්න තරම් කෑල්ලක්ද බං ඒක.
ඔන්න ඔන්න ඉතිං උඹ මටත් බොරුව දානවනෙ.අනික මචං සිරාවටම කිවුවොත්  උඹේ ඔය  උනහපුළු මූණට එ‍් කෙල්ල හැඩ වැඩි මචං.පාටනම් මොකද්ද.
ඉස්කො‍්ලෙ කොහෙද දන්නෑ නේ බං?
කෙල්ල දිගටම ක්ලාස් ආවොත් නිවාඩු කාලෙන් පස්සෙ යුනිෆෝම් එයිනෙ.එතකොට බලමු.
හුටා!
ඇයි මොකෝ?
කිවුව ගමන් ගොනා වගේ හැරිලා බලන්නෙපා හො‍ඳේ.. අර පිහිඹියා ගහ ගාවම ඉන්නවා කොල්ලො දෙන්නෙක්.එතනින් රතු ටී එක ඇඳලා ඉන්න කොල්ලව ෂේප් එකේ බලාගන්න.පස්සෙ විස්තරේ කියන්නම්.
ආ..හරි හරි අර පොලොස් කොට්ටෝරුවෙක් වගේ එකා නේ? නිල් පා‍ට සෙරෙප්පු?
පවු අනේ..ඔවු ඔවු එයා තමා.
ඉතිං ඉතිං ? මොකද්ද සීන් එක?
මතකද එදා අර අපි දෙන්නා සිත්මිලාගෙ ගෙදර ගිය දවසෙ මම කිවුවෙ අර බස් එකේදි පිස්සු නැටුව කියලා
ආ...හරි හරි අර මල් පෝච්චියක් අරන් ගිය එක නේ.. ආ..අරයද ඒ සහයට ඩැනී? පොර අපේ ක්ලාස් එකේනෙ
එහෙමද?අපේ එකේද?මම හිතුවෙ ලොකු එක්කෙනෙක් කියලා.දැක්කොත් නම් ලැජ්ජාවෙ බෑ අනේ..එදා මම මග දිගටම නෑව නේ.
මම හිතන්නෙ පොරට ඔයාට මීටරේට වැටිල වගේ.
ෂුවර්ද? ඇයි එහෙම කිවුවෙ
දැන් මෙතනින් යයි හො‍ඳේ.
බයිට් කරයිද දන්නෑ..අපෝ...මට උනොත් වෙන්නෙ මෙහෙම වැඩ තමා.අපි ඉක්මනට යං.
හොඳ වැඩේ..අනේ සාදු.අපිව බයිට් කරනකොට හොඳයි.ඕව තමා දිට්ඨදම්ම වේදනීය කර්ම

මචං සර්පයා දුටුවෙහිද?
දුටුව දුටුව බං.කෙල්ල මාව දැක්ක නේ..පොළව පලාගෙන යන්න හිතෙන මූඩ් එකෙන් මාරු උනේ.පවු බං බයිට් කරයි කියල හිතන්නැති.
ඔවු ඉතිං ඒකි දන්නෑනෙ උඹේ අවංක කුලුඳුල් හය වෙනි ප්‍රේමෙ මෝදු වෙලා කියලා
මොනවද බං ඒ කියන්නෙ? කුණුහරප වගේ. අපේ සිංහල පන්තියෙවත්  වැරදිලා වැඩිවෙලා හිටියද?වරෙන් යන්න
ආගයා ආගයා
කෑ ගහන්නෙපා අනේ..දැක්කෙ නෑ වගේ ඉන්නවකො.
මචං එදා උඹේ ඇහේ බෝගන්විලා කට්ටක් ඇනුන කිවු‍ව නේ..දැන් හොඳද?
හිනාවෙන්නෙපා..............................හයියෝ..මම ලබන සතියෙ ඉඳලා ආයෙ ගෘප් යනවා. මාර බයිට අනේ යාළුවටත් කියලනෙ.
මොකද්ද යකෝ තෝ ඒ කිවුවෙ? පවු බං..ශික් දැන් ඒකි හිතයි මම චීත්තෙ වගේ හැම එකම කිය කිය යනව කියලා
ආ..දැන් ඒකි හිතන විදිහ ගැන උඹ කරදර වෙන්න පටන් ගත්තෙ කවද ඉඳලද මචං?
මං තොට කිවුවැයි කියල හිතාගනින්කො.අපෙ අම්ම මට කිවුව පාප මිත්‍රයො ආශ්‍රය කරන්නෙපා කියලා.ඇහුවෙ නෑනෙ මං ඒ කාලෙ.
--------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔන්න මචං මම උඹට කරන හෙල්ප් එකක් විදිහට අද චොකලට් කෑල්ලට පැරලල් පේලියෙ ඉඩක් ඇල්ලුවා.
තොට පිස්සුද ඒකි හිතයි අපි පස්සෙන් එනව කියලා.
දැන් පිටිපස්සෙ ඉඩ නෑ..යනවනම් දෙවනි පේලියට තමා.උඹට ඕනනම් පලයන් මම එන්නෑ,,යකෝ මුන්ට හොඳක් කරලත් බැනුම් අහන්නෙපැයි.මේ උඹ කෑල්ල නොවී මෙතනින් වාඩි වෙයන්.
අම්ම ගහයි! යකෝ ඒකි කළු හින්ද උඹට බ්ලැක් බෝඩ් එකයි ඒකිවයි පැටලෙනවද?මචං ඉස්සරහ තියෙන්නෙ බෝඩ් එක.
ඔය තියෙන්නෙ වයිට්  බෝඩ් එකක්නෙ ගොබිලො.
හරි හරි මොකක්හරි.මොකෝ දැන් ලව නැගලම යනව වගේ.
ආඩම්බරයි..බැලුවම නම්..හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්..
කටුවෙන් අනින්න මට හොඳනම්..ආලෙන් වෙලෙන්න ඇයි තහනම්..
පිස්සුද යකෝ සිංදු කියන්නෙ..අරෙහෙ සර් උගන්නනවා
මම මේ උඹලගෙ ලවු එකට පොඩි බැක්ග්‍රව්‍රන්ඩ් මියුසික් එකක් දුන්නෙ.එපා නම් කමක් නෑ ඉතිං.මේ මචං..බෙස්ට්මන්ට මාව ගනිද්දි මතක් කරල අර කෙල්ලගෙ යාළුවව බ්‍රයිඩ්ස් මේඩ්ට ගනින් ඈ..
ඔන්න මං කිවුව කියල හිතාගනින් අද සර් අපි දෙන්නව එළවනවා ඈ..කට වහං හිටපං
මෑන් බලනවා නේ..මොකෝ දන්නෑ එහා පැත්තෙ වාඩි උනේ.
එයා නෙමේනෙ යාළුවනෙ වාඩි උනේ..එයා බලන්නෙ වෙන මොනවහරි වෙන්නැති.
ඔවු නේ... එයා බලන්නෙ ඔයාගෙ එහා පැත්‍තෙ  බිත්තිය වෙන්නැති.ඔයා බලන්නෙ ජනේලෙ නේ?
අනේ මේ ඉන්නවා..අපි බලපු ඇති එකක් නෑ..
ආ.අපි? කවද ඉඳලද අපි උනේ..
ඔයා නම්...හරි හොඳ නෑ අනේ..
අම්මෝ..පැනි හිනාව.
යං යං කාඩ් මාක් කරනවා අන්න
මල වදේ අනේ එනකොට මාක් කරන්නැහැ ඒක.ආයෙ එලියට යන්න ඕන.
තිළිණි
ඒ කවුද?
චොකලට්
ඇ,.උඹ කොහොමද දන්නෙ?
කාඩ් මාක් කරද්දි මම ෂේප් එකේ බලාගත්තා.අපිම ඉන්න ඕන ඉතිං ඕවට
අඩෝ..උඹ මාර පොරක්නෙ.
අපි එහෙමයි..
දැන් දවස් කීයක් බල බල හිනා වෙවි හිටියද බං.අදවත් කතා කරහංකො අපිටත් මොන මොනවහරි කතා කරගන්න බැරියැ උඹල මල් කඩනකොට.
මොනව කතා කරන්නද බං.
ඇයි බං ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව ගැන කතා කරපංකො
මගුලක් කියවන්නැතුව ඔන්න ඔය ටියුට් එක බලාගනින්.
සිරාවට නිකං කතා කරහංකො බං.
දැන් උඹට ඕන යාළුව එක්ක කතා කරන්නද?එහෙනම් කතා කරහං මට කිය කිය ඉන්නෙ
නෙද්දකින් ගස් ගෙම්බා
දැන් ඔය බැලිල්ල ඉවර වෙන්නෙ කවදද?
මොන?
ඔයා බබා..එන්න නළවන්න
එහෙම එකක් නෑ අනේ 
කොහොම එකක්ද අනේ නැත්තෙ?
අනේ යනව යන්න.
අන්න කෙල්ලෙ මීලඟ පියවර..ඔයාට කතා කරනවා
කවුද?අරයා?
හම්මේ..හිනාව . ඔවු ඔවු අරය තමා
මට නෙමේ වෙන්නැති අනේ
ඔය ඉතිං බබා පාට් දාන එකනෙ බැරි
තිලිණි
ඒ... නම දන්නෙ කොහොමද අනේ..
එදා පොත් වැටිච්ච වෙලාවෙ දකින්නැති
ආ..වෙන්නැති.
ඇයි අහනව
මමද?
ඔවු ඔයා තිලිණි නේ?
ඔවු ඔයා කොහෙමෙද දන්නෙ?
මට දිවැස් තියනවා නේ
ආ.. ඇත්තද
මේ වතුර තියනවද?
ආ ඔවු මෙන්න
තෑන්ක්ස්.
--------------------------------------------------------------------------------------------------------------------------------------------
හෝම් වර්ක් කලාද බං?
හොම් වර්ක් දුන්නද බං?
හපෝ..උඹනම්
ගිය සතියෙ නිවාඩුනෙ බං මතක නෑ
කලින් සතියෙ දුන්න යකෝ 3 වෙනි ටියුට් එකම
හුටා..පොත දීහං
අනේ මන්ද බං උඹත්.කැන්ටිමට ගිහින් එමුද මචං?
අම්මේ..උඹේ පොත තමා පොත බං.තිලිණි තාම ඇවිල්ල නැනේ..ගේට්ටුව ගාවට යංද  අහන්න බෑනෙ එතන කැන්ටිමට යන්ද අහනවා.
ඔයා මගේ හිත කියෙවුව නේ...බං .
හරි හරි ඔන්න මං මුකුත් කිවුවෙ නෑ.යමං.උඹට හරි ගියා කියන්නෙ ඉතිං මට හරි ගියා වගේ තමා.
මොකද උඹ ගල් ඉබ්බා වගේ පාර බලන්නෙ?
අම්මටහුඩු! තිලිණි නේ අර කොල්ලෙක්ගෙ අතින් අල්ලං ඉන්නෙ?
ටටාත් කියනව යකෝ.අන්න හැරුනා.උඹව දැක්ක ඈ
අපි යං
එපා බං ඒකි හිනා උනත් එක්ක.ඔච්චර අප්සට් යන්න එපා බං.උඹට පිස්සුද?

පරක්කු  උනා අනේ හොඳටම අද.ඔයා කලින් ආවෙ හොඳ වෙලාවට. තරිඳු ගේට් එක ලඟ හිටියා.මම හිනා උනා බලන්නෙත් නැතුව ගියානෙ
.මෙතන බෑග් එක තියල තිබ්බෙ.දැන් ඒකත් අරගෙන පිටිපස්සටම ගියා
ඔවු මයි අර ඉන්නෙ පිමිටපස්සෙ . ඒ ඇයි දන්නෑ තරහ වෙලාද?
තරහ වෙන්නෙ මොනව කලාටද? මොකක්හරි වෙන අප්සට් එකක් වෙන්නැති.ඇයි මොකද නොදැක ඉගෙනගන්න බෑ බෑ වගේද
නෑ අනේ පිස්සුද ඒ උනාට හදිස්සියෙ ඇයි දන්නැහැ.
ඉන්ටවල් එකට අහමු
ඕන්නෑ..ඒයා හොඳටම දැක්කා මම හිනාවෙනවා.මොකටද සෙකන්ඩ් වෙන්නෙ.අපි පස්සෙන් එනවා කියල හිතයි
හා හා ඕන එකක්.
අයියෝ..අදනම් එපා උනා අනේ.මල්ලි එක්ක ආවෙ.මට වඩා වෙලා යනවා එයාට ලෑස්ති වෙන්න,ළඳ වගේ.
ඔන්න වොච් එක වැටුනා
ආ..ආයෙත් වැටුනා!දැන් මම මේක ගලවල බෑග් ‍එකේ දාගන්නවා.‍අද ස්පීඩ් ටෙස්ට් එක නිසා දාගෙන ආවෙ.මේක ෆිට් වෙන්නෑනෙ අනේ.දෙපාරක් වැටුනා.ගේට් එක ගාවදිත් වැටුනා.මල්ලි මොකද්ද මන්ද කරල එතනදිත් අතට ෆිට් කලා මේක.ඒකෙනුත් විනාඩි දහයක් විතර පරක්කු උනා. හරියන්නෑ වගේ .ගලවල තියනවා.
අන්න සර් ආවා සර් ආවා.












read more ››