Tuesday, February 25, 2014

අධිවේගී හැඟීම්

                                


දුව නැගිටින්න......ඉස්කෝලෙට පරක්කු වෙනා ළමයෝ වෑන් එක එයි.......අම්මා උදෙන්ම ඇහැරෙවුවා...මේ මොන කරුමයක්ද.... නිදාගෙන පැය කීයද... අදත් පන්ති...ඊයෙත් පන්ති....අනිද්දා ටර්ම් ටෙස්ට්....පාඩම් කරලත් නෑ....කලින් පාරත් අල්ලපු ගෙදර ඇන්ටි ලකුණු ඇහුවා....මේ පාර අඩුවුනොත් හිනාවෙයි....“ඔක්කොම බලන් ඉන්නෙ හිනාවෙන්න.....අපි දුක් විඳින්නෙ උඹලට උගන්නන්න”අම්මයි කිවුවෙ.....ආ මේ බස් එකට සල්ලි....මෙන්න කන්න සල්ලි.....ක්ලාස් ඇරුනම තාත්තා එයි....පරිස්සමෙන් යන්න....අම්මට වැඳලා කඩිමුඩියෙ දිවුවා.....ඉස්කෝලෙ ගියා.... “හායි ඩියර්..ඊයෙ ඔයාව ටැග් කරල තිබුණ  ෆෝටෝ එක දැකක්ද?” ......“ආ ඔවු නේ.මරු අනේ අරය කොමෙන්ට් එකකුත් දාලා තිබුනා නේ?”...... “ඔවු අනේ මරු” ......  “මම හවසට ෆොටෝස් ටිකක් දාන්නම් තව ඇති  ඔය ක්ලාස් එකේදි ගත්ත ෆොටෝස්....... කවුරුහරි දැක්කොත් අවුලක් වෙයිද දන්නෑ අනේ .....”   “යුනිෆෝමුත් නෙමෙයිනෙ.....අනික නිකං ක්ලිස් එකේ වාඩිවෙලා ඉන්නවනෙ අනේ...”   මේ ඒක නෙමේ.... “පළවෙනි පාඩම් තුනෙන්ම එනවලු විබාගෙට” ....  “මොකක්? මම තාම අතින් අල්ලලා නෑ දෙවනි පාඩම වෙනකන් විතරයි කියලා හිතුවෙ....”  “ඉස්කෝලෙ හරියට නෝට්ස්වත් දීලා නෑනේ...”   “ක්ලාස් එකේ ඒවා ඇති.......ඒත් අන්තිම ටිකේ හැමදාම නින්ද යනවා අනේ පැය කීයද නිදාගන්නෙ......”  “කියල වැඩක් නෑ අනේ........”  “අද ක්ලාස් එකට ගිහින්ද කන්නෙ?......” “ඔවු නේ ට්‍රැෆික් නෙ ඉක්මනට ක්ලාස් එකට යාගන්න නම් බත් කකා ඉන්න වෙලාවක් නෑනේ.....”  “රෝල් එකක් කාලා මයිලෝ එකක් බොමු....”   “ඔවු වැඩිය කෑවම නිදිමතයිත්නේ...” “යන ගමන් ‍ෆෝන් එකට කාඩ් එකක් ගන්න මතක් කරන්න...” “ මේ ඇහුවද වයි එකේ අළුත් සිංදුව?....”    “නෑ අනේ මම පාඩම් කරන ගමන් ලවු ඩ්‍රීම්ස් ඇහුවා...”   “මාර දුකයි අනේ ඒකෙ ප්‍රසන්ටර් කතා කරන විදිහට හිතටම දැනෙනවා.....”  “අර සෝන්ග් එක ටීවී එකේ ගියා. විෂුවල් එකේ අන්තිමට ගර්ල් එල්ලිලා මැරෙනවා ගෙදරින් අෆෙයා එකට අකමැති නිසා ...”    “ඇයි අර කලින් එකෙත් බෝයි ගඟට පනිනවා නේ?හ්ම් මාර දුකයි නේද අනේ...”  “  හ්ම්..ෆිල්ම් එකක්වත් බලපු කාලයක් මතක නෑ අනේ.අම්මා බලන්න දෙන්නෙත් නෑ එක්සෑම් කියලා....”    “අපෙත් අනේ මැෂින් එක සින්න කරගෙන මල්ලි ගේම්ස් ගහනවාමට යන්තම් පිහිටට ෆෝන් එක විතරයි අනේ එෆ් බී එන්න තියෙන්නෙ...”   “ඒ අර මිස් කිවුව චරිතාපදාන පොත කියෙවුවද?...”  “මොන කතා පොත්ද අනේ තියෙන පොත් ටිකවත් කියවගන්න වෙලාවක් නැති කොට...”   “ඔයා මේ සතියෙ ලංකා ස්ටාර් බැලුවද?...”  “අනේ එපා අනේ මතක් කරද්දිත් කඳුළු එනවා. අරය කැපුනට පස්සෙ ඔය තර‍ඟෙන් ඇති වැඩක් නෑ අනේ...”   “ඒක තමයි මමනම් රිසල්ට් එක කිවුව ගමන් ටීවී එක ඕෆ්කරලා රිමෝට් එකත් දමලා ගහල ගිහින් නිදාගත්තා....”  “ඇත්තටම මට දැන් එපාම වෙලා අනේ තියෙන්නෙ. කිසිම නිදහසක් නැති මේ ජීවිතේ මොකටද අනේ එෆ් බී එකයි අරයයි නැත්තං මේ වෙද්දි පිස්සු හැදිලා මට නම්........”  “ ඔවු අනේ අම්මා රෑට කන්නැද්ද ඇහුවත් තද වෙනවා අනේ මට දැන්...” මම එෆ් බී ගිය ගමන් තමයි කන්න කතා කරන්නෙ...” “ ඒ මදිවට චැට් කරන්න ලේට් උනාම අරයා තරහ වෙනවා...පාඩම් කරන්නත් ඕන....පොත අතට ගත්ත ගමන් නින්ද යනවා....”  “මාත් ඔහොමමයි අනේ.....හැම පැත්තෙන්ම අපි තමයි තැලෙන්නෙ....අනික මේ පත සිලබස් එක කවද ඉවර කරන්නද අනේ.... ඒත් ඒක්සෑම් ඇනුනොත් කොහොමද අම්මලටයි අහළ පහළටයි මූන දෙන්නෙ....”   “මට වෙලාවකට හිතෙනවා ප්‍රශ්න වැඩි‍වෙලා ඔළුව පුපුරයිද කියලා ....”       “අන්න සෙක්ෂන් හෙඩ් එන්න කිවුවා...”  “මට? ඒ මොකටද?ලෙඩක්ද දන්නෙ නෑ තියෙන ප්‍රශ්න මදිවට....”
“ ඔය ළමයා ෆේස් බුක් එකේ ඉන්නවා නේද.......”     “ම්ම්ම..ඔවු සර්......”  “මොනවද අර දාලා තියෙන පින්තූර.....”   “ම්ම් මොනවද සර්?........”   “ඔවු ඔවු ඔයා බබා.....මේ බලනවා.වයස කීයද තාම .....කොල්ලො එක්ක $$%^$ යනවා මදිවට තව ඉස්කෝලෙ නමත් දාගෙන වල් පින්තූර දානවා  $%$%^$%$%^   .........ප්‍රින්සිපලුත් මෙක දන්නවා....හෙට වහාම දෙමවුපියො එක්කන් එන්න ඕන....”   “අනේ සර්.....මේ...”    “හා හා ඇති ඇති වැරැද්ද කරලා මෙතන කියවන්නත් එනවා.........”  යනවා පන්තියට....”   “බලන්න මිස් දැන් හැදෙන එවුන් නම් අන්තිමයි.ශික් අපිනම් මේවගේ පින්තූර අරන් ප්‍රසිද්ධ කරනවා තියා ලඟ තියාගන්නත් බයයිනෙ.අපි ඒ කාලෙ මෙහෙම රවුම් ගැහුවද ? යාළුවෙච්ච කෙනෙක් හිටියත් අපි හැමෝටම හොරෙන් හම්බවෙනවා මිසක්....”  දැන් එවුන්ගෙ  හැදියාව අන්තිමයි......”   “කියල වැඩක් නෑ සර් දැන් හැදෙන උන් දන්නවා වැඩි.මුන්ට සැප වැඩි....”  “අනික එක ඔය ෆේස් බුක්....අපි ඉගෙන ගත්තෙ ඕවා තිබිලද?.........”  
“ඇයි ඇයි මොකද උනේ?........ “  “ඇයි මේ අප්සට් එකේ.......???”       “අර ෆොටෝ එක සර් දැකලා අනේ...”  “වට්? මළා! ඉතිං?......”       “මට තිත්ත කුණුහරපෙන් ස්ටාෆ් රූම් එකේම බැන්නා .....අම්මලා එක්කන් එන්න කිවුව හෙට....”    “විනාසයි! දැන් මොකද කරන්නෙ......?”    “මම දන්නෑ මට තේරෙන්නෑ.මට බෑ අම්මලත් කුණුහරයෙන් බැනුම් අහනවා බලන්න මම නිසා....”     “හ්ම්........ අනේමන්දා ඩියර් මාර කේස් එකනෙ...”   “මම තීරණයක් ගත්තා .අපි බලමුකෝ.මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ.මට ටිකක් තනියම ඉන්න දෙන්න ප්ලීස්..”
අද සිරස්තල
“ෆේස්බුක් සමාජ වෙබ් අඩවි ජාලයේ තම පෙම්වතා සමඟ සිටි පින්තූරයක් පළ කිරීම පිළිබඳව තම ගුරුවරයා‍ දුන් අවවාද ඉවසාගත නොහැකිව පාසල් ශිෂ්‍යාවක් ගෙල වැල ලා‍‍ගෙන සියදිවී නසා ගනී.මේ හේතුව නිසා ෆේස්බුක් සමාජ ජාලය තහනම් කරනා ලෙසට විශාල උද්ඝෝෂන මේ වන විටත්  දියත් වෙමින් පවතී......
  
                         




66 comments:

  1. හුටා..... ඒකත් එහෙමද....????
    මං හිතන්නෙ මේ අර පළවෙනි සාරිය ගැන වෙන්නැති...
    ඒත් අන්තිමට ඒ ළමය ගැන අහිතක් නොහිතෙන්න ඔයා කතාව ගලපල තියෙනව...
    ලෙසටම ලියමු ඉස්සරහටත්
    ජයවේවා......

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මේක එක්කෙනෙක් ගැනම හිතල නෙමෙයි.කියන්න හැදුවෙ ‍පීඩන ගොඩක් එල්ල වෙන එක නිසා මිසක් ෆේස්බුක්ම මේකට හේතුවක් නෙමේ කියලා

      Delete
  2. අනේ මන්දා සාසෝ... මොනව කියන්නද කියල හිතාගන්න බැහැ :(

    ReplyDelete
    Replies
    1. හ්ම්...අනේමන්දා තමා මෙයා..වෙනසක් ඕන ඉක්මනටම

      Delete
  3. හත් ඉලාව්වට ගහපු කලාබරේ කිව්වලු. ඇත්තටම් ෆේස් බුක් තහනම් කරොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද වෙලාවකට

    ReplyDelete
    Replies
    1. හනේ මන්දා ෆේස්බුක් තහනම් කලාට කමක් නෑ.අපෙ කට්ටිය හොර පාරවල් හොයාගනී යන්න.හැබැයි විසඳුම තහනම් කිරීම නෙමෙයි මම හිතන විදිහට.

      Delete
  4. ඔය සංසාර චක්කරේ තමා ළමයෝ මේ අංකලුත් අල්ලන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම් ..ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය චක්කරේට ඔරොත්තු දීමේ හැකියාව අඩු කරවන විදිහට තමයි අද ක්‍රමය හැදෙන්නෙ

      Delete
    2. ඇයි අන්කල් නෙමේද :o

      Delete
  5. Replies
    1. බෝම ස්තුති මෝරා මල්ලියෙ.බොලාට මට වඩා මේක දැනෙන්න ඕන වයස් සීමාව මටත් වඩා ළග නිසා

      Delete
  6. අළුත්ම රචනා ශෛල්‍යයක්... ඒක වටිනවා ඔක්කෝටම වඩා...

    මල් මසුරන්....

    ReplyDelete
    Replies
    1. වචන යිකට බෝම පිං සෑර්!!! තැංකුයි

      Delete
    2. ටිකට විය යුතුයි

      Delete
  7. උදේ හිටන් රෑ වෙනකල්.. සහ ඊට පස්සෙත් !

    අපූරු ලියවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්...චක්කරේ චක්කරේ චක්කරේට යටවෙලා මැරෙනකල් දන්නෙ නෑ

      තැංකු...

      Delete
  8. අනේ සාසෝ බොලාට ඔහොම හිතුනොත් ඉක්මනට කියහන් ඈ.....

    ReplyDelete
    Replies
    1. මම ඉස්කෝලෙ ගිහින් ඉවරනෙ අයියේ...දානෙ ගැන බලාපොරොත්තු අතෑර ගන්ට සොරි ඈ

      Delete
  9. දැන් ඉතින් ළමයෙක්ට කලන්තෙ දැම්මත් කියයි ෆේස්බුක් නිසා තමයි කියල :D

    ReplyDelete
    Replies
    1. නෑ එහෙමම වෙන එකක් නෑ නේද සසිඳුවා ...... :D :p

      Delete
    2. දුලෝ, අනේ තෝ වගේ විහිලුවක් තේරුම් ගන්න බැරි නපුංසකයෙක්

      Delete
    3. තාමත් පොරත්වයෙන් කතා කරන එක අඩුවෙලා නෑ නේද දුලා මල්ලි? 

      Delete
    4. @ සසිඳු - අපේ රටේ මිනිස්සු අනිත් අයට වඩා වෙනස්නේ..
      ස්තුති ආවට!

      @ඇනෝ -පෝස්ට් එකට අදාග දේවල් විතරක් කියනවනම් හොඳයි

      Delete
    5. ඔය දුලා කොල්ලගෙ ඔලුව වැඩී නංගි, තාම හැදෙන වයසනෙ, අවුරුදු 17ට ලැබුව විතරනෙ, හිතන් ඉන්නෙ ටිකක් මහා වංසෙන්

      Delete
  10. අඹ අච්චාරු රුපියල් විස්සක දෙන්ඩකෝ අනේ

    ReplyDelete
    Replies
    1. ආ..මේං ගන්ට

      Delete
    2. අච්චාරු විතරනේ තාම තීනවා මාතියා..තාම කඩේ අළුත නේ මාතියා

      Delete
    3. මාටියා. කවුද බොලන් මාටියා ගහන්න ආවෙ? ;)

      Delete
    4. ඔය කළුවර කන්නාඩිය ගලවලා කියවන්නකො :p

      Delete
  11. හොඳ,අලුත් ශෛලියක් !
    සුපිරි අවස්ථා නිරූපණයක් !
    ඔක්කොම හොඳයි
    ________________දුලා

    ReplyDelete
    Replies
    1. අනේ බ්ලොග් අවකාසෙ හිච්චි කොල්ලො ඕනෑවට වඩා පැහෙන් නැතුව හිටින්.හිතන් ඉන්නෙ හරි කෙරුම කියල.

      Delete
    2. ස්තුති දුලා..මම තාම අළුත්.දිගටම එන්න

      Delete
    3. @ඇනෝ- පෞද්ගලික ප්‍රශ්න වලට මෙතන මඩ ගහන්න එපා

      Delete
    4. @ඇනෝ
      කෙරුමා තමයි යකෝ ඇයි අවුල්ද?

      Delete
    5. හා හා ශාන්ති ශාන්ති දරුවො

      Delete
  12. මේවා ගැන ඔක්කොම කියවනවා විතරයි බන් සාසෝ මොකුත් කියන්න හිතෙන්නේ නෑ. හැඳි මිටේ මොළනේ හඃ හඃ හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. හඃ හඃ අලෙ මන්දා අලේ

      Delete
  13. මාත් මේ අහම්බෙන් ආවෙ අර දුලා මල්ලිගෙ කමෙන්ට් කරල තියනව දැකල, ආයෙ ගොඩ වදින්නම්කො නගා හැකි වෙලාවක.

    ReplyDelete
    Replies
    1. ඔවු තාම කට්ටිය දන්නෙත් නෑ.මම අළුත්.බොහොම ස්තුති මඩ යා..

      Delete
    2. අලුත් උනාට අවුලක් නෑ නංගි හොද නිර්මාණ කලොත් පරණ අයට වඩා තැනකට එන්න පුලුවන්, සුභ පැතුම්!!!

      Delete
    3. හරියටම හරි මඩයා.....මේවාගේ පොල්මහ් කාරයෝ නැහැ. ඔබ නිතරම ඔබ වෙනුවෙන් ලියන්න. කවුද කියවන්නේ...කවුද කමෙන්ට් කරන්නේ කියන ඒවා ජනප්‍රිය මානසික සිතුවිලි. ඔබ ලියන්න . ඔබ රස විඳින්න. ඔබ රස විඳින්නේ නැත්නම් කිසිවකු රස විඳීදැයි පසු තැවිලි නොමවන්න.

      Delete
    4. බොහොම ස්තුතියි ඒ වචන ටිකට :D

      Delete
  14. මට ඔක්කොටම වැඩිය හිත ගියේ මේක ලියල තියෙන විදිහට.. මම වෙන තැනක දැකලා නෑ මේක.. අත්නොහැරගෙන යමු මේ රටාව..

    ලියපු දේ ගැන කියන්න තියෙන්නේ, අනේ මන්දා ඉතින්.. අපිත් කාලයක්ම ඕකේ එල්ලිලාම හිටියා.. දැන් දැන් ඉබේම වගේ ඈත් වෙලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්....බොහොම ස්තුති.
      මම පෙන්නන්න හැදුවෙ දැන් තියෙන රටාව එක්ක ළමයින්ගෙ මානසිකත්වෙ හැදෙන විදිහ.ඒක අසාර්ථකද මන්දා නිර්මාණයේදි

      Delete
  15. හප්පේ අධිවේගයකම තමයිනේ මේක..:D

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හැඟීම් අධිවේගී වෙලානේ දැන්

      Delete
  16. අපි නෑනෙ ඔය මිනීමරු ජරා බුකියෙ පස් පාගන්නෙ. චැක් අපි වගේ පොඩි ළමයිට නුසුදුසු තැන්. ඇමති මාමාලා ඕක තහනම් කරන එකමයි හොඳ.

    මේ විදිය හොදයි සාශා. සුභ පැතුම්. ජය වේවා!!

    ReplyDelete
  17. අපොයි,පේස් බුක් එකේ කප්පරක් වැඩ තියෙද්දි පොත් බලන්නෙ මොන හිතකින්ද සෂා.

    ReplyDelete
  18. කියන්න දෙයක් නෑ ....එක එක විදිය තමා ඕන් ,ඔය බුකිය තහනම් කරන්න නෑ ...එක විතරක් කියන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. හ්ම් තහනම් කරන එකක්නම් නෑ තමා

      Delete
  19. ඔන්න අද තමයි ආවෙ.

    පට්ට ලියවිල්ල්ල ඈ... :v

    ආයෙ එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ජයවේවා ධනා.බොහොම ස්තුති. ආයෙ එන්නකෝ..මම ඒ පැත්තටත් ගොඩ වෙන්නම් :)

      Delete
  20. ඉගෙනගෙන කාටද හරිගියේ සාශා...ඒ වගේද ෆේස්බුක් :D

    මේ ලිපියේ නියම ශෛලියක් තියෙන්නේ. රිද්ම් එක බිඳෙන්නේ නැතුව අල්ලන් ගිහින් අන්තිම වෙනකම්. වෙල් ඩන් සාශා.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ මෙයා!

      අලේ ටංකු..:D

      Delete
  21. saree case 1 nisa oya balaporoththu una de highlight wela naane...

    eth ai amma van 1 enawa kiyala nagittawala bus 1ta salli denne :P

    ReplyDelete
    Replies
    1. බස් එකට සල්ලි දෙන්නෙ ක්ලාස් එකට යන්නනෙ.අර ඉස්කෝලෙ ඇරිල ක්ලාස් යන්නෙ.

      හ්ම් ඒ වගේ නේ..මට කියන්න ඒන උනේ කස්ටියගෙ ලෝකෙ පටු වෙලා තියෙන තරම

      Delete
  22. හරිම රසවත් අච්චාරුවක්!!! හැම රසයක්ම එකතු කරලා හදපු. :D

    ReplyDelete
    Replies
    1. එන්න එන්න..අපෙනුත් ගන්නකො අච්චාරු..හි හි ටංකු මෙයා ගෙඩ වෙලා ගියාට

      Delete
  23. පට්ට පට පට සාශෝ...!! ලියන ඉට්ටැයිල් මාරයි.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ටංකු බස්සියෝ...

      Delete