Tuesday, May 20, 2014

පිරිමි

හෙලෝ හසියා

ඔවු මචං කියපං

මේ ඉරිදා සෙට් වෙමුද මචං? මොකෝ කියන්නෙ?

අයියෝ මචං මේ ඉරිදා නම් බෑ බං අර වෙන රෙද්දක යන්න සෙට් වෙලා බං.

අහ් කොහෙද බං.

නෑ බං මේ ගෙදරින් දාන ලෙඩ.ප්‍රපෝසල් එකක කෙල්ලෙක් බලන්න යන්න බං.

ෂහ්! පට්ටනෙ බං.සුබපැතුව එහෙනම් ඈ

අනේ බම්බුව තමා බං.මම පොඩ්ඩක්වත් කැමැත්තෙන් යන ගමනක් නෙමෙයි බං.

ඒ මොකෝ බං? මොකද්ද අප්සට් එක?

නෑ බං ඒකි පට්ට ලස්සනයි.හොඳට ඉගෙනගත්ත ඩයල් එකක්.ඔහොම දන්නැති උන්ව කොහොමද බං විස්වාස කරන්නෙ.කවුද දන්නෙ කොහෙ ගිහින් මොනව කරල මොන නැටුම් නටල එනවද කියල දැන් පත්තිනි අම්මල වගේ හිටියට.

අනේ යකෝ.. තෝ ගැන එහෙම ඒකි ඔය විදිහට හෙවුවනම් තොගෙ මූනවත් බලන එකක් නෑ තෝ නටල තියෙන ඒවයෙ හැටියට.

අපි නම් කොල්ලොනෙ බං.එහෙමද කෙල්ලෙක් උනාම.මොනව උනත් මචං ලංකාවෙ සංස්කෘතියෙ ගෑනියෙක් ගැන තියෙන සංකල්පෙ වෙනස් නෙ.ඒකට පිටුපාන්න මම කැමති නෑ බං.

අනේ පලයන් බං යන්න.කොහෙද බං උඹගෙ ඔය සංස්කෘතිය තියෙන්නෙ?උඹලගෙ තියෙන්නෙ මහ අමන මානසිකත්ව යකෝ.උඹල ගන්න තියෙන සේරම ෆන් අරගෙන බඳින්න හොයන්නෙ මැස්සෙක්වත් වහපු නැති කෑල්ලක්.වැඩක් නෑ බං උඹලා.එතකොට ඔය උඹල එක්ක හිටපු කෙල්ලො ගැන මොකද කියන්නෙ?

උන් මචං පහළ පන්තියෙ උන්නෙ.උන් එක්ක අපේ තියෙන්නෙ ගනුදෙනුවක් විතරයි.උන් කරන්නෙ රස්සාවක්.

නෙද්දකින් බං උඹල මහ කුහකයි බං.උන් පහත් පන්තියෙ.උන් එක්ක නිදාගන්න උඹල ඉහළ පන්තියෙ? මාර සංස්කෘතිය බං ඒක.

උඹත් එක්ක කතා කරල වැඩක් නෑ බං.අපි දෙන්නා හැමදාම මේ මාතෘකාව ගැනනෙ ඇරගන්නෙ.උඹ උඹේ මතේ.මම මගේ මතේ.

හ්ම් ඒක ඇත්ත බං.හරි හරි මං එහෙනම් කැපුනා.එනිවේ සුබපැතුම් !

හරි මචං.මොනා උනත් උඹ හිත හොද එකා බං.පස්සෙ කෝල් එකක් දෙන්නම්.                     


.................................................................................................................                                                                                                                                                                                                             
අඩෝ..හසියා

අහ් මේ උඹනෙ.කොහෙද බං මෙහෙ

යාළුවෙක්ගෙ වැඩකට ආවා බං.උඹ ‍කොහෙද?

ඔෆිස් ඇරිල යන ගමන් බං කන්න නැවතුනා.

එළ එළ.ආ ඒක නෙමෙයි කොහොමද එදා ගිය වැඩේ.‍වෙඩිමක් සෙට් වෙයිද ළඟදි

අම්මටසිරි මචං! වෙඩිම නෙමේ බං තව ටිකෙන් මගෙ මළගම බං.එදායින් පස්සෙ අම්ම තාම මගෙ මූණ බලන්නෑ බං හරියට.මං ජීවිතේට එහෙම පජාත වෙලා නෑ බං.ශෙහ්! කියල වැඩක් නෑ බං

අඩෝ..ඒ මොකද? කියපංකො ‍ මොකද උනේ උඹ නිකං මට පානිය දානව නෙමෙයිනේ

නෑ යකෝ..මේකයි උනේ අපි  එහෙට ගියා බං හරිද.කෙල්ලගෙ ගෙවල් රාජගිරියෙ.කෙල්ල ආවා හරිද.ඇවිල්ල බීම එකක් ඇල්ලුවා..

ආ බීමද? අර බුලත් නෙමේද බං දෙන්නෙ දැන්?

ඒවා ඉස්සරනෙ බං දැන් එහෙම නැතුව නැති.අහපංකො ඉතිං
මං ඒකිගෙන් බීම එක ගන්නකොට තමයි බං හරියට මූණ දැක්කෙ.මුං ෆොටෝ වල වගේ නෙමෙයි බං ඇත්තට.රෙද්ද කලින් අඳුරගත්තනම් මොන මඟුල කරල හරි මම ගෙදර නවතිනව බං.

ඉස්සෙල්ල මොකද්ද උනේ කියපංකො මගුල් කියවන්නැතුව.

හරි බං .ඒකි වැඩ කරන තැනට උඩ තට්ටුවෙ  තියෙනව බං මම නිතර යන එන  %^  පොට් එකක්.මේකිට මාවයි මට මේකිවයි හොඳටම මීටර් බං යන එනකොට  දැකලම.ශෙහ් ඒකිගෙ මූනෙන් තේරුණා බං අඳුරගත්ත කියල.

මළ සේකර! උඹ මාරයිනෙ කෙල්ල වැඩ කරන්නෙ කොහෙද කියල දැනගෙන හිටියෙ නැද්ද?

නෑනෙ බං මට එච්චර ඉන්ටරසට් එකක් තිබුනෙ නැති නිසා හරියට හෙවුවෙ නෑනෙ මම.

යකෝ ෆොටෝ එකෙන් යන්තමටවත් මතක් උනේ නැද්ද බං?

නෑ බං ඒකනෙ කියන්නෙ.මට මූණ දැකලත් ටිකකින් තමා මීටර් උනේ.ඒකිගෙ මූණ ඇද වෙච්ච විදිහට මම මුලින් කල්පනා කලේ මම ටෝක් කරපු එකක් වත්ද කියලා.පස්සෙනෙ බං මතක් උනේ.මට එතන හාරගෙන හාරගෙන යන්න හිතුන බං.

ඉතිං මොකද උනේ?

මම හිතුව ඒකි එතනම මගෙ රෙදි ගලවයි කියල.යන්තං ඒකි මූණ පුළුටු කරං ඇතුලට ගියා විතරයි.ගෙදර ආවට පස්සෙ එහෙන් කතා කරල කියල බං කැමති නෑ කියලා.ඒක විතරක් කියලනම් මදැයි අකමැති හේතුවත් අ‍ම්මට ‍කියලනෙ බං.දන්නවනෙ ඉතිං අම්මලගෙ හැටි දහඅටසන්නිය නටලා එක විකාරයයි බං.වෙලාවට මම එකම ළමය උනේ බං.නැත්තං මෙලහට දරුකමෙනුත් අයින් කරල.ඔන්න ඔහොමයි බං අපිට වෙන්නෙ.මොකද $$$%$$% තෝ හිනා වෙන්නෙ?

සොරි මචං පොඩ්ඩක් හිටපං ඈ..මට අධෝ මුඛයෙනුත් හිනා යකෝ උඹ ඒකිව බලන්න යන්න කලින් දීපු ටෝක් මතක් වෙද්දි.දිට්ඨධම්ම වේදනීය කරුමෙ යකෝ ඕක.අයියෝ රුපියල්..

තෝ හිනාවෙයං ඉතිං මගෙනෙ රෙදි ගැලවුනේ.තොපිට මොකද.තොපි වගේ පාප මිත්‍රයො ආශ්‍රය කරල තමා මට මෙහෙම උනේ

අනේ වරෙං බං නළවන්න.ඕක තමා බං මම එදත් කිවුවෙ උඹට.ඕක තමා බං උඹල තේරුම් නොගන්න ඇත්ත

අනේ මන්ද බං ඕව.

48 comments:

  1. අනේ මංදා මේවා , අධෝ මුඛයෙනුත් හිනා...... මෙවා වෙන්නත් පුළුවන් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණ ලිවිල්ල වෙනදා වගේම රහයි ඈ

      Delete
    2. වෙන්න පුළුවන් වෙන්න පුළුළුන් වෙන්නම ඕන මේ වගේ උන්ට.බෝම ස්තුති මෙයා..මේ පැත්තෙ ආවටත්

      Delete
  2. අනේ සාධු..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සාධු සා....ධු !!

      බෝම ස්තුති මෙයා :D

      Delete
  3. සාෂා කොහේද බොල හිටියේ මෙච්චර දවස්...

    ReplyDelete
    Replies
    1. අද්දියාපනේ වැඩ වලට හිර වෙලා උන්නෙ.‍ගෙදර ආවම තමා ලියන්න ලැබෙන්නෙ.ලැප් රාජයෙක් නැති නිසා.ඉදිරියේදී පුළු පුළුවන් වෙලාවට ලියන්න බලාපොරොත්තු වෙමි.බෝම් ස්තුති ආවට මෙයා

      Delete
  4. ඔව් ඔව්... අරකගෙ සදාචාරෙ රෙද්ද පල්ලෙන් බේරුණා කියල මාත් දැක්ක
    මේ වගේ උං නං අනන්තයි අප්‍රමාණයි...
    හැටි වෙන්න ඇති කියල හිත හදාගන්නත් බෑ නෙව

    රිදෙන අයට නියමෙටම රිදෙන්න ලියල තියෙනව ජයවේවා

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මෙයා.එක අතකට මේවා ලිවුව කියල මිනිස්සු වෙනස් වෙන්නෙත් නෑ..

      ස්තුති අවන්හල් පාලක තුමනි :p :p

      Delete
    2. අවන්හල් පාලක තුමනි ////
      සාසො මං ටූ...... :D

      Delete
  5. පට්ට. සිරාවටම ඔහොම උන් සෑහෙන්න අපිත් එක්කම ඉන්නවා.

    කොහෙද බොල කඩේ දාලා අතුරුදහන් වෙන්නෙ?

    කතාව එළ.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔවු ඔහොම උන් නම් සෑහෙන ඉන්නවා තමා.

      මුනා කලන්නද මෙයා කාලයා හරස් වෙනවනෙ.

      Delete
  6. හෆොයි මදැයි වෙච්චදේ .... පව් අහිංසක කොල්ලා ,මොනාවුනත් අර කෙල්ල මොන නැටුම් නටලද කවුද දන්නේ හැක හැක

    ඕක තමයි හැමදාම තත්වේ . එකම වරද ස්ත්‍රී පුරුෂ භාවය අනුව බර අඩු වැඩි වෙනවා , ඕක මේ පෙරදිග පුරුෂ මූලික සමාජයේ ලක්ෂණයක් , මිනිසා යනු ජෙයිව විද්‍යාත්මක සත්වයෙක්ය කියන මූලික කාරණයට අමතරව සංස්කෘතික , සාමාජීය සළු පොරවගත්තම ඇස අන්ධ වෙනවා

    ReplyDelete
    Replies
    1. //මිනිසා යනු ජෙයිව විද්‍යාත්මක සත්වයෙක්ය කියන මූලික කාරණයට අමතරව සංස්කෘතික , සාමාජීය සළු පොරවගත්තම ඇස අන්ධ වෙනවා//

      හරියටම හරි පවුලුශා.පෙරදිග තමයි ඔය තත්වෙ තියෙන්නෙ ඇත්තටම.අනේමන්ද ඕව දැන් සමාජගතවෙලා තියෙන හැටියට වෙනස් කරන්නත් බෑ.

      ස්තුති මෙයා ගොඩ උනාට

      Delete
  7. අපොයි බං දස විළි ලැජ්ජාවයි,කෙල්ල එවෙලෙම ගහල එලෙව්වෙ නැතුවා ඇති.

    ReplyDelete
    Replies
    1. ගහල එලවන්න ඕන..එහෙම ගියාට නෙමේ ගිහිල්ල ඇවිල්ල සුද්දවන්ත ලීලාවෙන් කතා කරනවට

      Delete
  8. ඒ බං සාසො... කොහෙද ඒකි වැඩකරන ඔෆිස් එක තියෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. ඔහොම අහයි කියල හිතලමයි මනඃකල්පිත චරිතයක් දැම්මෙ :p :p

      Delete
  9. ඒ ඒ මිනිස්සුන්ට ගැලපෙන්නේ ඒ ඒ විදිහේ ගෑනු. තම තමන් කරන කියන දේවල් වල සාධාරනකම් අසාධාරනකම් ගැන තම තමන්ට මිම්මක් තියෙනවනම් ප්‍රශනයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඇත්ත.මෙතන තියෙන්නෙ අසාධාරණය කුහකකම.තමන් කරන දේවල් වලින් හාත්පසින්ම වෙනස් දේවල් කරන කෙල්ලෙක් හොයන්නෙ.

      Delete
  10. අපොයි දෙයියනේ වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා ඔහොම විපත්ති නං..... හෙහ් හෙහ් හෙහ් හූ හූ.... මගෙත් අධෝ මුඛේ හිනාවෙනවද කොහෙද :D

    ReplyDelete
    Replies
    1. හා හා බලාගෙනයි :p :p

      තැංකු මේ පැත්තෙ ආවට..
      සිහිනය දිගේ යන්න එන්නම්

      Delete
  11. රසයි .....තාම ගෝත්‍රික අදහස් හැත්ත ඉන්නවා නේද...... කොහෙද බොල තොලොන්ජි වෙලා හිටියෙ ...?
    මාසෙකට එකක් වත් ලියන්න බලන්න...

    ReplyDelete
    Replies
    1. හපෝ එහෙම උදවිය නම් නැති කරන්න හම්බවෙන්නෙ නෑ.

      බෝඩිමේ ජීවි්තේ මෙයා.ලැප්ටොප් එකක් තිබුනෙ නෑ නෙව.ඉදිරියේදී මාසෙකට එකක්වත් ලියන්න බලාපොරොත්තු වෙමි.ස්තුති ඇවිත් ගියාට

      Delete
  12. කතාව ලස්සනයි අක්කෙ............නියමයි. එල

    ඒත් මේකෙ මාතෘකාවට මං කැමති නෑ. "පිරිමි" කියල දාපුහාම ඒකෙන් කියවෙන්නෙ මුළු පිරිමි සංහතියම මෙහෙමයි කියල. ඒත් මේකෙම තියෙන හසියගෙ යාළුවගෙ චරිතෙන් කියවෙනව ඒක එහෙම නෙවේ කියල. අනික් එක බහුතරයක් මෙහෙම උණාට හැම පිරිමියාම මෙහෙම නෙවේ කියල අපි දන්නවනෙ.ඔයා මේකට පිරිමි කියල දානවනම් මට අහන්න වෙන්නෙ අර පරණ කතාවමයි. හැම ගැහැනියෙක්ම ගණිකාවක් විදියට පිරිමි හිතුවොත්. මං කියන දේ වරදවා වටහා ගන්න එපා. ඔයාට මං කියපු දේ ‍තේරුණා කියල හිතනවා. මේකට සංස්කෘතියෙ සමාජයෙ වැරැද්ද ඉස්මතුවෙන විදියෙ නමක් දැම්මනම් හොද නැද්ද? මං වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න. මං කිව්වෙ අවංකවම මගෙ හැගීම. ආයෙත් කියන්නෙ කතාව ලස්සනයි..............

    (සංවාදයට සංවෘතයි.)

    ReplyDelete
    Replies
    1. තැංකු මල්ලියා

      මේ කතාව කොහෙමටත්ම පිරිමි සංහතියම නියෝජනය කරන කතාවක් නෙමෙයි.ඒ වගේම මම මේකෙ පිරිමි කියල දක්වල තියෙන්නෙ හසියා සහ හසියගෙ යාළුව යන දෙපාර්ශවේ තියෙන වෙනස දක්වන්නත් එක්ක.ඇතත්ම කතාව ලොකුවට හිතල දාපු මාතෘකාවක් නෙමෙයි.ඔයා කිවුවම තමයි ඒ පැත්තෙන් හිතුනෙ.සමාව ඉල්ලන්නෙ මොකටද මලයා..වැරැද්දක් තියෙනවනම් පෙන්නල දෙන එක තමයි ඔයාට කරන්න පුළුවන් ලොකුම උදවුව.

      පිරිමි කියල දැම්මෙ පිරිමි දෙකොට්ඨාසයක වෙනස මේකෙ දැක්වෙන නිසා සහ ඒ නමෙන් දෙන්නවම නියෝජනය වෙනවා.ඔයාට හෝ අනිත් හැමෝටම මේකෙ ප්‍රධාන චරිතය ලෙස දැනෙන්නේ හසියා..ඒත් මම මේක ලිවුවෙ වෙනත් කෙනෙක්ගෙ සංකල්පයකන් මත.මට හම්බවෙලා තියෙන ඇත්ත චරිතෙ හසියගෙ යාළුවා.ඒයා තමයි මගෙ ඔළුවෙ ඉන්න ප්‍රධාන චරිතෙ.ඒ නිසා වෙන්න ඕන ඔයාට පෙනුන අසාාදාරණය මට ‍නොපෙනුනේ.ඒත් ඔයත් හරි.

      ස්තුතියි සංවාද ගොඩනැගීම ගැන.පත්තරයක ලියවිල්ලකයි බ්ලොග් පෝස්ට් එකකයි වෙනස අනන් ඕකයි.

      ස්තුති සිහිනයෝ..

      Delete
    2. ඒමනං අවුලක් නෑ. එල එල

      Delete
    3. සාශා කතාව නම් නියමෙට ලියලා තියෙනවා.....

      මේ ගැන සංවාදයට නම් බොහොමයක් කරුණු තියෙනවා. ඒත් ඒ සියල්ල මේ කියමනේ ම තියෙනවානේ.

      //උඹල ගන්න තියෙන සේරම ෆන් අරගෙන බඳින්න හොයන්නෙ මැස්සෙක්වත් වහපු නැති කෑල්ලක්.වැඩක් නෑ බං උඹලා.එතකොට ඔය උඹල එක්ක හිටපු කෙල්ලො ගැන මොකද කියන්නෙ?//

      ඇත්ත ඕක තමයි සාශා. වෙලාවක් තිබුණොත් මේ ගැන ම ලියැවුණු මේ පෝස්ටුව සහ කමෙන්ටු ටික පොඩ්ඩක් කියවලා බලන්න.

      http://kurutugegeepawra.blogspot.com/2014/05/blog-post_20.html?showComment=1400735514797#c6561441879871778487

      Delete
    4. අනිවාර්යයනේ කියවන්නම් කුරුටු.

      බොහොම ස්තුති මේ පැත්තෙ ඇවිත් ගියාට.ඇත්ත ඕක තමයි කුරුටු.ඕවනම් වෙනස් වෙන කාලයක් හිතන්න අමාරුයි

      Delete
  13. ඔය කස්ටිය මගෙ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න ඈ......... සාෂනම් නිතරම එන හින්ද එයාට කිව්වෙ නෑ. මං පව් අනේ. බ්ලොග් එක වේලෙනව.

    (මෙය ඇඩ් එකකි.)

    ReplyDelete
    Replies
    1. මම දැකපු දක්ෂ ලියන්නෙක්.තාම පොඩි එකා.හැබැයි ලිවිලි නම් වයසට ගොඩක් ඉස්සරහින්.පොඩ්ඩ්ක් ගොඩ වැදිල එන්න.

      (ඇඩ් එකේ සල්ලි ගෙවල පල)

      Delete
  14. සාශා... මේ ලියන ඉට්ටැයිල් එක පට්ට රහයි බන්. බ්ලොග පාලුවට අරින්නෙ නැතුව වීක් එන්ඩ් වලවත් ලියන්නකෝ.... හිනා කාල මැරෙනව අරුන්දැට උන වැඩේට!!

    ReplyDelete
    Replies
    1. බෝම ටංකු බස්සියෝ..පහුගිය ටිකේ පොඩ්ඩක් මගෑරුනා මෙයා..ආයෙ එහෙම නොවෙන්න ට්‍රයි කරමුකො..හෙහ් හෙහ් හොදම වැඩේ නේ ඕකට

      Delete
  15. මොනවා වුනත් කතාවේ ඇත්තක් තියෙනවා.. කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරද්දී අනික් ඇඟිලි හැරෙන්නේ අපේ පැත්තටයි කියන්නේ නිකන් නෙමෙයිනේ..

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒක තමයි.ඒත් ‍ගෑනියෙක්ට ඇගිල්ල දික් කරන්න හරි ලේසි මේ සමාජ ක්‍රමේ ඇතුලෙ

      Delete
  16. සමාජයේ සුලභ දෙයක්, රසට ලියලා තියෙනවා.

    බහුතරයක් පිරිමි හිතන්නෙ ආත්මාර්ථකාමි විදිහටයි, ඒක තමා ඇත්ත. ඔවුන් හිතන්නේ "පතිවත" කියන සංකල්පය පිළිබඳව විතරයි, " පතිනිවත " කියන වචනෙ තේරුමවත් දන්නෙ නැහැ. හැබැයි එහෙම නොවන පිරිමිත් ඉන්නවා.

    හැම අච්චාරු වර්ගයක්ම රසයි හොඳේ.. පදම ඔය විදිහටම තියාගෙන යං ...

    සුභ පැතුම් ...!

    ReplyDelete
    Replies
    1. හ්ම් සහතික ඇත්ත.පතිනිවත ගැන කිවුවොත් හිනාවෙයි.එ්ත් විවෘතව සාදාරණව කල්පනා කරන පිරිමිත් නැත්තෙ නැහැ

      හී...බෝම ස්තුති මෙයා..අච්චාරු රහ බැලුවට

      Delete
  17. //මට අධෝ මුඛයෙනුත් හිනා යකෝ//

    ආ එහෙමත් පුළුවන්ද??? :3

    ReplyDelete
  18. ආසියාවේ පිරිමිනෙ නංගි. නාවල ගත්තම ඇති. අපි නම් එහෙම නෑ අපි හරිම හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔයා හොඳා....යි කියල ආරංචි.ඒනම් ඔයාව නාවන්න ඕන වෙන එකක් නෑ.

      Delete
  19. නියමයි කථාව, :D ඔහොම තමයි කොට්ටෝරුවන්ට වෙන්නෙ, ^_^

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ...බෝම ටංකු මෙයා හෙමින් හෙමින් මේ පැත්තෙ අාවට :D

      Delete
  20. මේකටත් වඩා භයානක අවසානයක් සහිත කතාවක් 1970 ගණන්වලදි ඇරැව්වල නන්දිමිත්‍රගේ "කය මිස සිත නැති දන" කියන කෙටි කතා පොතේ තිබුනා. මට දැන් සම්පූර්ණ කතාව මතක නැහැ. ඒ කතාවෙදි, තමන් විසින් දූෂණය කරන ලද තැනැත්තියගේ දියණිය සමග එක්තරා පුද්ගලයෙක් යහන්ගත වෙනවා. ඔහු දන්නෙ නෑ ඒ තමන්ගෙන දියණිය බව. කටයුත්ත අවසානයේදී ඔහු දකිනවා මොහොතකට පෙර තමා සංවාසයේ යෙදුනු දැරිය සහ තම දියණිය අතර සමානත්වයක්. ඉන් පසුව ඔහුට හිතෙනවා ඒ දැරිය ගැන සොයන්නට. සෙවීමේ අවසන් ප්‍රතිඵලය වශවෙන් ඔහු සියදිවි හානි කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. හප්පා..ඒකනම් භයානකයි තමා ඇත්තටම.මොනවගේ මානසික පීඩනයක් වෙන්න ඇතිද ඒක.

      ස්තුති ඇවිත් ගියාට ට්‍රැ

      Delete
  21. ඔහොම කට්ටිය ඉන්නවා. රට වටේම ලොරි එලෝලා,,ගෙදරට ගන්න බලන්නේ ස්කූටර් එකක්. මේ ආකල්පය කවදා වෙනස් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඕව නම් මේ කපේදි වෙනස් කරන්න බෑ අරූ.ස්තුති ඇවිත් ගියාට!!

      Delete