Tuesday, April 8, 2014

ආගිය කතා

අෆ්‍ෆා..සෑහෙන කාලෙකින් නිවාඩු පාඩුවක් හම්බුනේ මෙයාලා පෝස්ටුවක් කොටන්න.වෙනවදා වගේම බයිලාවක් රැගෙන ඔබ වෙත පැමිණි මම මහාචාර්ය සාශා.

නිරුවත් පතුල් වලට පාඩඩ එළලා වගේ කහම කහ පාට ඇහැළ මල් පාරක් දි‍ගේ හෙමින් හෙමින් අඩි තියාන මං ඇවිදන් ගියා.ඇ‍ඟේ හැප්පෙන තරම් ඝන සැරේට පැතිරිච්ච මීදුම , ගමනට බාධාවක් නොවෙන තරමට මගෙ හිත ඇහැරිලා තිබුනෙ.ඔහොම යද්දි මීදුම අස්සෙන් යාන්තමට දැක්කා උණ පඳුරකින් හෙවණ වෙච්චි ගල් බංකුවක්.උණ පඳුර අර ලස්සනම ලස්සන ඇහැල මල්පෙති වලට බංකුව සිපගන්න පුංචි අවස්ථාවක්වත් දීලා තිබුනෙ නෑ.ඒත් චුට්ටක් එතන වාඩිවෙලා ඉන්න ආසා හිතුනා.වාඩි උනු ගමන්ම රැයක් තිස්සෙ ඇහැළ හඳ එලියෙනුයි පින්නෙනුයි තෙමිච්ච බංකුවෙ හීතලට ඇඟ හිරිවැටිලා ගියා.ඒ ලස්සනෙන් උනුහුම් වෙලා තිබ්බ හිත් පොඩ්ඩටනම් හීතල ගානක්වත් නැතුවා වගේ.ඉර අද පායන්නෙම නැද්දෝ කියලත් මට හිතුනා.හිතුවිල්ලත් එක්කම චුට්ටක් බිමට නැමිලා ඇහැල මල් දෙක තුනක් හීන් සීරුවට අතට ගත්තා.හැමදාම දැක්කත් අළුතින් දකිනවා වගේ සුන්දරකමක් ඒ මල් පෙති වල ගෑවිලා තිබුනා.වැඩි වෙලාවක් යන්න නැතුව ඇති,මීදුම් සළුව ඉරාගෙන කවුදෝ එනවා පෙනුනා.රූපෙ නොදැක්කට අඩි සද්දෙ ඒ එයා කියල මට ඇ‍ඟෙවුවා.එයා කිසි..ම  ලෝබකමක් නැතුව සියුමැලි ඇහැල මල් පෙති උඩින් බර අඩි තිය තියා ආවා. එයා අාදරේ බිම වැටුණ මල් පෙති වලට නෙමෙයි වෙන්න ඇති කියලා මට හිතුනා . කිසිම හාවක් හූවක් නැතුව බංකුවෙන් වාඩි උනා හරියට මාව දැක්කෙ නෑ ව‍ගේ...මම බලාන හිටියා දැන් කතා කරයි දැන් කතා කරයි කියලා.එයාගෙ අත් අයිස් කැට වගේ සීතලද බලන්න මැඬගත නෙහැකි ආසාවක් ආවා.දෙතුන් පාරක් නොහිතම අත හෙමීට එයාගෙ ඇඟිලි තුඩු වලට ලං කළා..

“නැගිටිනවා...මට මේ උදේ පාන්දර ඔක්කොම  වැඩ ටික කරන්නයි ළමයි ඇහැරව ඇහැරව නළවන්නයි වෙලාවක් නෑ.ඔය කන ගාව තියෙන එලාම් එක දැන්  තුන් පාරක් වැදුනා නේ..”

හයියෝ..මගෙ හීනෙ!

ඇස් දෙක බාගෙට පියාගෙන ඇ‍ඳෙන් නැගිට්ටා.කවුද දන්නෑ අප්පා මෙච්චර උදේ පාන්දර ඉස්කෝල පටන් ගන්න කිවුවෙ.හයියෝ..හීනෙන්හරි එයා එක්ක ටිකක් ළගට වෙලා කතා කරන්න තිබුන චෑන්ස් එක.සීක්..එයා කිවුවෙ අර අරයට.. (මහපටැගිල්ලෙන් පොළව හාරමින්)

අම්ම තාම බනිනවා.
“ගානට මිම්මට වෙලාව තියාගෙන නැගිටිනවා.පැය බාගයක් බ්‍රශ් එක කටේ තියාගෙන ඉන්නවා.පැය බාගයක් තේ බොනවා.ඊට පස්සෙ මෙතන පණ කඩාගෙන දුවනවා ස්කුල්  බස් එක එනවා කියලා.”

වෙලාව ඇති අම්මෙ..ඔය බස් එක කවද්ද වෙලාවට ආවෙ.අන්න පොයින්ට් එක.අද කියන්නෙ ඉක්කෝලෙයි ස්කූල් බස් එකෙයි කතා ටිකක්.දැන් අහන්නෙපා එහෙනම් මගුලටද ඇහැල මලයි කොල්ලයි ගැන කිවුවෙ කියලා.ඒක නැතුව වෙන මොනව කියන්නද මෙයාලා....හා නැද්ද? හා හා බැක් ටු ද ට්‍රැක්!

                                   


මම තුමී සුට්ටන් කාලෙන් පස්සෙ ස්කුල් වෑන් එකට ටටා බායි කියලා ඉස්කූල් බස් එකේ ඉස්කෝලෙ යන්න පුරුදු උනා.කැස්බෑවෙ බස් එකේ තමා ඔන්න මම යන්නෙ.120 පාරෙ යන ඉක්කූල් බස් සේරම පිළියන්දල නවත්තන්නෙ එක තැනක හොදේ. දන්නෝ දනිති.එක එක බස් එක එක වෙලාවට එනවා.දෙයියන්ගෙ පිහිටයි අපේ බස් එක එන්නෙ උදේ පාන්දර 8ට විතර තමා පිළියන්දල‍ට සමහර දවසට (සමහර කිවුවට වැඩි හරියක් කියන්නත් පුළුවන් ඕනමනම්). ඉක්කෝලෙ  පටන් ගන්නෙ 7.30ට නිසා වැඩිය උදේ පාන්දර ළමයි ඉක්කෝලෙ යන්න හොඳ නෑ.පන්ති අතු ගාලා ගාථා කියලා එහෙම ඉවර උනාම 9ට විතර ගියාම ඇති කියලා අපි ගැන අනුකම්පාවෙන් යුතුව අපේ බස් ඩයිවර් අන්කල් කල්පනා කරපු නිසා තමයි එහෙම උනේ.නැතුව ඒ අන්කල් උදේට එන්න පරක්කු වෙච්ච නිසාවත් ලංගම බස් සෑහෙන අළුත් නිසා ඒවා කැඩෙන්නෙම නැති නිසාවත් නෙමේ හො‍ඳඳ?ගොඩක් දවස්වල අපි ඉක්කෝලෙට යද්දි අපිට අනිත් ඉස්කෝලවල  බස්  ටික හම්බවෙනවා ළමයින්ව ඉස්කෝලෙට දාලා අාපහු එනවා.හිතාගන්න පුළුවන්නෙ තත්වෙ නෙහ්.

කෝමහරි මමනම් ඔය ලේට් වෙන වැඩේට අකමැත්තක්මත් තිබුනෙ නෑ ඉතිං.එහෙම ගියාම උදේ අතුගාන්න ඕන නෑ.තව ජීවිතේට මට ගහගෙන යන්න මතක් වෙන්නැති හවුස් බැජ් අරව මේවා චෙක් කොරන්න පපට්ලා නෑ.දෙයියනේ කියලා පන්තියට කෙලින්ම ගිහින් වාඩිවෙන්න පුළුවන්.උදේ රැස්වීම එහෙම තියන දවසටනම් අපි දෙයියො බුදුන් වැඳලා ඉල්ලන්නෙ බස් එක පරක්කු වෙන්න කියලමයි.අනික ස්කුල් බස් කිවුවම ලේට් උනා කියලා කිසිම දඬුවමක් කරන්නෙත් නෑ.හැබැයි අපේ බස් එක හින්දා වාසි උනේ අපිට විතරක් නෙමේ.ස්කුල් බස් එකේ එන්නැතුව  වෙනම ඇවිල්ලා පරක්කුවෙන කස්ටියත් අපේ පෝළිමටම රිංගලා සේප් වෙලා ඇතුලට පැනගන්නවා.මොකෝ ඉතිං කොල්ලො වගේ තාප්පෙන් පනින්නයැ.අඩුගානෙ සමහර අය දන්නෙත් නැ මේක කොහෙ බස් එකද කියලා.දවසක් අපි පුරුදු විදිහටම පරා..ක්කු වෙලා ඉක්කෝලෙට ගියා.ළමයි එහෙම හරි පොඩ්ඩයිනෙ බස් එකේ ඉන්නෙ.ස්කුල් බස්වල ගිය අය දන්නවා ඇති.අපි හෙන ගොඩක් මදිවට අර අනිත් පරක්කු වෙලා ආපු අයත් ලොට් එකක්ම හිටියා.දැන් එවුන් ටිකත් අපේ පෝළිමේ.කර්මයක මහත පින්වතුනි වයිස් පින්සිපල් එතනට වැඩියා.

“මොකද්ද මේ බස් එක”

“කැස්බෑව මැඩම්”

“ආ..අර හැමදාම පරක්කු වෙන ‍එක නේ”
(අපි විරිත්තමින් සිටී)

“ඇයි ඕක හැමදාම පරක්කු”?

“ඩිපෝ එකෙන් එන්න පරක්කුයි මැඩම්.බ්ලා බ්ලා බ්ලා”

“ආ..ඒ කියන්නෙ කැස්බෑවට දාලා තියෙන්නෙ ස්කුල් බස් එකක්ද”?
(අපි කට ඇරගෙන අහන් ඉඳී)

“ඒත් මම හිතුවෙ කෝච්චියක් කියලා මෙච්චර ළමයි ආපු එකේ.”

ළමයි කන්දරාව දිහා බලාගෙන බයිට් හිනාවක් දාගෙන මැඩම් කිවුව නැතෑ.

ඔවුවත් අහගෙන අපි යන්ට ගියා ඉතිං

ඒ කිවුවත් වගේ කෝච්චියක යන්න තරම් සෙනග බස් එකේ එනවා තමයි.උදේට ටිකක් කස්ටිය අඩු උනත් දවල්ට හම්මේ..වාඩිවෙන්න සීට් එකක් ලැබෙන්න නම් පෙර ජන්මයේ කරපු බරපතල කුසල කර්ම තියෙන්නම ඕන.වාඩිවෙලා ඉන්නවා සීට් සේරම පිරෙන්න ටීචර්ලයි ළමයිනුයි.තව පුළු පුළුවන් අය සීට් දෙකක් අතර හිඩැසටත් රිංගනවා.ඊටපස්සෙ බස් එකේ මැද ළමයි පේළි අඩුම 4ක්.බොහෝ වෙලාවට 5ක්.ඕකෙ මැදම පේලියට අහුවෙන්න පුදුම පිනක් කරල තියෙන්න ඕන.තනිකර සාඩින් පැක් කලා ව‍ගෙ තමා.දවල්ට රස්නෙ එහෙම නැති නිසා පුදුම සනීපයක් දැනෙන්නෙ.ඉස්කෝලෙ ඇරෙන වෙලාවට නුගේගොඩ කියන්නෙ ලංකාවෙ ට්‍රැෆික් අඩුම නගරයක් නිසා බස් එක නුගේගොඩින් පාස් වෙනකොටම සෑහෙන වෙලා යනවා.අර ගුවන් පාලම අටවන කාලෙනම් ඊටත් හපන්.හැබැයි ඉතිං හද්ද අමාරුවෙන් ආවත් අර ජෙමා මාමා කිවුව වගේ මරණ තුනක් ඇති මිනිහෙක් පෝස්ට් ලියයි කියලා අපි සිංදුත් කිවුවා ඒ අස්සෙ.මොකද ගොඩක් වෙලාවට අපි පිටිපස්සෙම සීට් එක ලඟම ඉන්න නිසා වාඩි වෙලා හරි හිටගෙන හරි.අපි ට ඔය පුරුද්දක් නෑනෙ කවදත් ඉස්සරහ පේලි.

අපරාදෙ කියන්න බෑ ළමයි ටිකනැග්ගට පස්සෙ අර වෙන බස් එකක හිටගෙන යද්දි අල්ලන් යනවා වගේ කොහෙන්වත් අල්ලන්න ඕන නෑ.මනාව ඇහිරිලානෙ තියෙන්නෙ.මලාට වැටෙන්නෑ.අච්චර අමාරුවෙන් පැක් වෙලා ඉන්නකොට අපිට සුද්ධ සිංහල මතක් කරවන අවස්ථාවක් උදාවෙනවා.ඒ තමයි අර මල් වගේ ගෑලු ලමයිම පේළි 5ක් හිරවෙලා ඉන්න මැද්දෙන් කොන්දා රිංගීම.ඒකාට හැමදාම බැන්නත් ලැජ්ජා ඇති එකෙක් නෙමේ.අපේ බස් එකේ විතරක් නෙමේ ඔහොම කොන්දො හිටියෙ.දවසක් ඔය කතන්දරේ දැක්ක කොල්ලෙක් කියනවා “ඒ මචං මමත් හොඳට ඉගෙනගෙන කවදහරි ගෑනු ඉස්කෝලෙක කොන්දෙක් වෙනවා” කියලා.අපි ඉතිං අර කොන්දාට ඉතා සුන්දර වචන වලින් බනිමින් යනවා.පස්සෙ නම් යන්තම් වෙන කොන්දෙක් දැම්මා.

අපි කරපු තව පොඩි සිඟිති වැඩකුත් ඔන්නොහේ කියල දාන්නම් ඈ. ඒ අපිට ඉක්කෝලෙ ලයිබ්රි කාඩ් හම්බවෙච්ච අළුත.ඒ කාලෙම තමයි අර “අපූරු ඉස්කෝලෙ” පරිවර්තන පොත් සැට් එක අර Enid Blyton ගෙ St.Clares පොත් සැට් එක කියවන උණ අපිට වැඩියෙන්ම තිබුන කාලෙ.ඒ පොත් 12ක් තිබුනා මතක හැටියට.
                                                                          
                                               


 ඒ පොත් ඔක්කම එකපාර හොයාගන්නවා කියන්නෙ ඉතිං ආයෙ වල්ලපට්ට ගහක ඉඳලා කිඹුල් හූනෙක් හම්බවෙනවා වගේ දුර්ලඟ වැඩක් හරිය.අපි ඉතිං කිවවීමට හිතැති පරහිතකාමී හිත හොඳ දස්ස ළමයි හින්දා අපි කලේ ..( ආ..අපි කිවුවෙ අර ගස් නැග්ග කතාවෙ හිටපු තුන් කට්ටුව තමයි ඈ ...) දවසක්ම ලයිබ්රිය පීරලා පොත් සැට් එකම හොයාගත්තා.හොයාගත්තට එක පොතයිනෙ ගෙදර ගෙනියන්න පුළුළුන්.ඒක බාර දෙන්න එද්දි අර හෙවුව ඒවා ආයෙ හොයාගන්න හම්බවෙන්නෑනේ..ඉතිං අපේ ටිකිරි මොළේට අගනා අදහසක් පහළ උනා..අපි කළේ පොත් ටික අරන් ලයිබ්රියෙ එහා කොනේම තියෙන තඩි බර ලොකු සෑන්ස් පොත් (කෙමා එහෙම) තියෙන තඩි කබඩ් එකක් ඇරලා ඒකට පොත් ටික දැම්මා.අපි ඉතිං උපකල්පනේ කලා අපේ ඒ ලැවල් අක්කලා ඒ කබඩ් අරින එකක් නෑ කියලා.කබඩ් එකට දාලත් හිතට මදි.ඉතිං මක්කැයි දන්නවද කොලේ කබඩ් එක වහලා යතුර අරන් ගෙදර ආවා. (සැහ්! හරිම ආර්තාමර්තාකාමී නේ).ඊට පස්සෙ සැරින් සැරේ ගිහින් පොත් ටික කියෙවුවා කෝමහරි...ආන් දැක්කද අපිට කියවීමට තිබුන උනන්දුව.

ආයෙ නිවාඩු පාඩු වෙලාවන මොනාහරි පෝස්ටුවක් කොටන පොරොන්දුව ඇතිව මම නිහඬ වෙනවා ( හා හා හරි හරි කියන්න ආපු වචන ටික ගිල ගනිවු! ඇයි සාසාට නිහඬ වෙන්න බෑ කියලද හිතන්නෙ)





34 comments:

  1. ඔය කියන පොත් 12 ම අපේ නංගි සල්ලි දීල ගෙනත් තිබ්බනෙ... මාත් ඔහෙ කියවන්න බැලුව හරි ගියෙම නෑ... දමල ගහල නිකා හිටිය... අපිට කෝසත් දොරලොක් හොන්ස් හරි ටාසොං කොලූගෙ හරි ඒව තමා නැගලම ගියෙ...

    ඈ බං... ඇහැල මල් පිපනේනෙ ගස් හැදෙන්නෙ වියළි කලාපෙ නේහ්... හීනයක් වෙච්ච හින්දම හොදා... ඔව්... ඉදගෙන

    ReplyDelete
    Replies
    1. අඩේ..සර්ලොක් අයිය තමයි මගේ ෆස්ට් ලවු එක.

      හරි මෙයා හීන කියන්නෙ ඉතිං ඒමනේ...ෆැන්ටසිය මෙයා ෆැන්ටසිය

      Delete
  2. බ්ලයිටන් ගේ ඔය පෝත් කීපයක්ම මාත් කියෙව්වා. ඒත් ඔක්කෝම කියවල නැහැ. යකඩෝ ස්කූල් බස් වල ගිහින් නැති නිසා අහන්නේ (ගැල්ලමයින්ගේ) පේලි පහක්ම ගහනවැයි ඕවයේ. හයියෝ..

    ReplyDelete
    Replies
    1. ඔවු අප්පා..දුක තමා රංජනී ඉතිං 5ක් දානවද කියලත් අහනවා

      Delete
  3. චඃ ඔය කියන විදිහට වල්ල්පට්ට ගහක ඉඳලා කිඹුල් හූනෙක් හම්බවෙන්වටත් වඩා අමාරුයි නෙව ගෑනු ඉස්කෝලෙක කොන්දෙක් වෙන එක . උඹලා ඉතින් අර අහිංසකයා පූරුවේ පිනකින් ලාබා ගත්තු චෑන්ස් එකටත් කෙලියා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම තමා එහෙම පුළුවන්ද කාන්තා හිංසනයට ලක් කරන්න හහ්! පවුලුශා එහෙම කොන්දෙක් වෙලා හිටියෙ නෑනේ?

      Delete
  4. පවු අසරණ කොන්දා පුතා, යකෝ බොලා ඔක්කොම කටුසු ජීවිතද ගෙවුවෙ? :o නැත්නම් ඉතිං කොහොමැයි පේළි හතරක් පහක් ගහන්නෙ බස් එකේ. :)

    ඔක්කොමත් හරි සාශාට නිහඬ වෙන්නත් පුලුවන්ද?? :o :o

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං කන්ට බොන්ට නැතුව ඔහොම දුක් විඳලා තමා ඉගෙනගෙන මේ තත්වෙට ආවෙ :v

      Delete
    2. අපෝ පුළුවන් කතා කරන්නැති වෙලාවට මම කෝමත් නිහඩයි

      Delete
  5. ස්කූල් බස් එක එනකම් හිටියාද..මෙච්චර දවස් නෑවිත් හිටියේ? පාරේ බස් එකක නැගලා එන්න එපැයි.

    සාෂා අපි ඉස්සර ස්කූල් නොවන අනිත් බස් වලට කිව්වේ පාරේ බස් කියලා. ඔය ගොල්ලොත් එහෙමද.
    SCHOOL BUS

    ReplyDelete
    Replies
    1. ඔය ස්කූල් බස් කියන ලින්ක් එක බලන්න.

      Delete
    2. හඃ හඃ ඔවු ඔවු අපි ස්කුල් බස් මිස් වෙච්ච දවසට යන්නෙ පාරෙ බස් එකේ තමා :p
      අඩේ..තංකු වේවා ලින්ක් එකට!

      නෑ අප්පා සෑහෙන බුසී වෙලා ඉන්නෙ..නිවාඩු පාඩු හම්බුන වෙලාවක ඒ කියන්නෙ ගෙදර ආපු වෙලාවට තමා ලියන්ට වෙන්නෙ

      Delete
  6. ඔයා හරි කතාවක්නෙ කියන්නෙ සාශා,සෙනග අස්සෙ රිංගන්නෙ නැතුව කොන්දා ටිකට් ටික කඩාගන්නේ කොහොමද.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා. මේ ආච්චිලා ඒ අහිංසකයව මරන් කාලා. :p

      Delete
    2. සීසන් සීසන් කිය කිය මුන් හැමදාම හොරෙන් යන හිංදා උෟ අතුලට රිංගලා බලන්න අැති..

      Delete
    3. හහ්! අපි හොද යුක්ති ගරුක ලමයි හරිය.අපි සීසන් නෙමෙයි නම් බහිනකොටහරි නගිනකොට හරි ටිකට් ගන්නවමයි.ඉබි කැස්බෑ තියරි නෑ අපේ ලඟ

      Delete
  7. //( හා හා හරි හරි කියන්න ආපු වචන ටික ගිල ගනිවු! ඇයි සාසාට නිහඬ වෙන්න බෑ කියලද හිතන්නෙ)//

    නිහඩව සිටින තාක්කල් ඔබ මහා නුවනැත්තියකි.... බක බක

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕමත් කියනවද ප්‍රසිද්දියෙ මෙයා

      Delete
  8. කාලෙකට පස්සේ කෙල්ල වැඩ පටන් අරන් වගේ :)

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩු හැටියට ලියනවා මෙයා

      Delete
  9. මට ඔයා ගේ බ්ලොග් අප්ඩෙට් වෙන්නෙ නෑනේ ,මොකක්ද අවුල ඈ ???

    ReplyDelete
    Replies
    1. අනේ ඒමද? මමනම් ඔය කොම්පීටර ජිල්මාට් ගැනනම් වැඩිය දන්නෑ මෙයා.දන්න අයගෙන් ඇහුවම එයාලත් ඒකට හේතුවක් දන්නැහැලු.ඒක වෙනවා හිටපු ගමන් :(

      Delete
  10. අපිනම් පොත් ගෙනිච්චෙ ලයිබ්‍රියෙ ජනේලෙන්, ^_^

    ReplyDelete
    Replies
    1. ආ..මේ ඉන්නෙ තව පොත් හොරු.
      ගොළු හදවත කියෙවුවෙත් ජනේලෙන්ද?

      Delete
    2. ඒක අරන්ගියේ කාඩ් එකට අෆ්ෆා :( :(

      Delete
  11. Aiyo aye iskole yanna hithuna. Mokada kiwwe campus hodai kiyala eeta wada!

    ReplyDelete
    Replies
    1. හී...මම නම් කිවුවෙ නෑ..කැම්පසුත් ඉතිං නරකම නෑ මෙයා

      Delete
  12. කාලෙකට පස්සේ ආයෙම මේ ඇවිත් තියෙන්නේ.. ඔය කිවුව පොත් නම් ඉතින් මම කියවලම නෑ..

    ReplyDelete
    Replies
    1. ඔවු අප්පා..දැන් නම් ලියන්ට වෙලවක් නැති තරම්..පුළු පුළුන් විදිහට ලියන්නංකො..
      හී..එවුවයෙත් පොඩි ගතියක් තියෙනව මෙයා ඒ කාලෙ.අර සිංහල පොත් තුනකුත් තිබුනා ඔය කන්සෙප්ට් එකේ.සමනලියෝ වගේ නමක් තිබුනා එක පොතක.මාරම ලස්සනයි ඒ තුනත්

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. Blyton ගෙ පොතක් මටත් හම්බවුණා. හරි පුදුම ඉහ්කෝලෙ හෝ එහා ගෙදර බ්ලා බ්ලා බ්ලා :/

    කොන්දොස්තරය ටිකට් විතරද කඩන්නෙ ඔය බස් එකේ? :3

    ReplyDelete
    Replies
    1. හරි පුදුම ඉස්කෝලෙ බ්ලයිටන්ගෙද මන්දා.මම කියවලා තියෙනවා.මතක නෑ කතෘ.අල්ලපු ගෙදර අවතාරෙ නම් කියවලා තීනවා. හී......දන්න තරමින් නම් එහෙමයි

      Delete
  15. ලියවිල්ල රසයි.....පැක් කරපු බස් එකේ කෙල්ලො අස්සෙ ආතල් එකේ යන කොන්දව මැවිල පෙනුන අප්පා.....

    ReplyDelete
    Replies
    1. හී...ටංකු ටංකු මෙයා..ඔයාටත් අාසාවක් ආවද ඒ රස්සාවට ඈ

      Delete