හායි මෙයාලා.........වෙරි ගුඩ් මෝනින් උයාලා ඔක්කෝ...ටම. උම්ම්ම්මා
උම්ම්ම්ා
අදත් ඔන්න කිකී ඇවිල්ල ඉන්නවා මූණට මූණ වැඩසටහනත්
එක්ක ඔයාල ආස සෝන්ග්ස් ගොඩා..රියකුයි , පට්ට හිනා යන කතා ගොඩකුයි ඒ වගේම අද අපේ
වෙරි ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් ඒ කියන්නෙ අමුත්තෙක් ඉන්නවා.. ඔයාලා හැමෝම ගොඩා..රියක්
ආදරේ කරන ඕල් රවුන්ඩර් කෙනෙක්.
මෙතුමා
නටන්න ගයන්න නිවේදනයට රගපාන්න විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටත් ප්‍රසිද්ධ ෆීල්ඩ්
එකේ දැවැන්තයෙක්. ඔයාලට පුළුවන්ද ගෙස් කරන්න මේ කවුද කියලා. පුළුවන්නම් කතා තරන්න
0112222222 ට. කතා කරල කැමති සෝන්ග් එකක් රික්වෙස්ට් කරන්න. කැමති කෙනෙක්ව සෝන්ග්
එක බලන්න එකතු කරගන්න. ඇන්ඩ් අනදර් තින්ග් ඊස් යූ කැන් ලයික් අස් ෆ්රෝම් අවර්
ෆේස්බුක් පේජ් ...
ඔවු.. ඔන්න ඉන්නවා අද අපේ පලවෙනි කෝලර්.. හෙලෝ..
කවුද මී..
හැලෝ.. මම
මේ හොරොවුපතානෙන් සිරිසෝම කතා කරන්නෙ.
ඔවු.. සිරිසෝම ඔයා ගෙස් කරනවද අද කවුද අපේ
අමුත්තා කියල. හැබැයි ඊට කලින් ඔයාගෙ ටෙලිවිෂන් එකේ සවුන්ඩ් එක චූ..ට්ටක් අඩු කරල
එනවද.
ආ හරි හරි
අක්කේ අඩුකලා.
ඕ..කේ.. ගුඩ් බෝයි.. නවු කියන්නකො
අක්කේ මම
කතා කලේ සිංදුවක් ඉල්ලන්න. අද අපේ නැන්දම්මගෙ උපන්දිනේ.. ඒකට සුබ පතන්නත් ඕන.
හරි ඔන්න...අපි හැමෝමයි චැනල් එක්ස් එකේ කෲ එකයි
සේරෝ..මලා ඔයාගෛ නැන්දම්මිට විෂ් කරනවා..හැපි බර්ත්ඩේ කියලා... මොකද්ද ඔයාට ඕන
සිංදුව ගුණසෝම?
අක්කෙ මම
සිරිසෝම.
ඕ සොරි සිරිසෝම.
මට දෙන්න
අක්කේ ශාන් අයියගෙ අළුත්ම සිංදුව. ශාන් අයියට අපි හැමෝම මාර ආසයි අක්කෙ අපි හැමෝම
එයාට තමයි එස් එම් එස් ගැහුවෙ. අපි හිතුවෙ එයා දිනයි කියලමයි. අපේ නංගි එයාගෙ
කොන්ඩෙටත් මාර ආසයි. මම ශාන් අයියට විෂ් කරනවා මේ වෙලාවෙ. ඒ වගේම චැනල් එක්ස්
එකටත් ස්තුති කරනවා නවක ගායන තරු අදුන්නල දීලා ලංකාවට මෙච්චර සේවයක් කිරී ම ගැන.
අ... සිරිසෝම තෑන්ක් යූ වෙරි මච්. ඔයා ඉල්ලන්නේ
ශාන්ගෙ පෙරේදා රිලීස් වෙච්ච සෝන්ග් එකද නැත්තං අද රිලීස් වෙච්ච සෝන්ග් එකද?
අක්ක කැමති
එකක් දෙන්නකො.ආ අක්කකෙ අද අක්ක හරි... ලස්සනයි. ඔය හෙයාස්ටයිල් එක අක්කට හොදට
ගැලපෙනවා.
ඕ.. තෑන්ක්ස් සිරිසෝම..උම්මා....ඕ...කේ.. එහෙනම්
සෝන්ග් එකට කට්ටිය එකතු කරගන්නකො
මම එකතු
කරගන්නවා මගෙ නැන්දම්මයි, නෝනයි, ලොකු දුවයි, ලොකු දුවගෙ ලොකු පුතයි පොඩි දුවයි, මගේ
පොඩි දුවයි, පොඩි දුවගෙ ඉස්කෝලෙ යාළුවො ටිකයි, පහල ගෙදර රතු බාප්පයි, උඩහ ගෙදර
සුදු අක්කයි, මද්දු පුතාගෙ වැඩපලේ කට්ටියයි, එගොඩහ රත්තෙ බාප්පයි, කොටුවෙ ගෙදර
ලොකු කෙලී බදින්න ඉන්න කොල්ලගෙ පවුලෙ අයයි, අපේ ටොමියයි, ටොමියගෙ ගෑණී...
හරි නෝටියා මාව එකතු කරගත්තෙ නෑ නේ....ඕකේ.. ඕකේ
එහෙනම් අපි ඔය ඔක්කෝ..මල එකතු කරන් සෝන්ග් එක බලමු.
“අහ අහ ජිගි ජිගි චා
අහ අහ ජිගි ජිගි චා
ඔයාව මම දැක්කා බස් එකේ - මං බිමට
පැන්නා ජනේලෙන්
මගෙ කොන්ද කැඩුනා - ඔයා බලං හිටියා
අහ අහ ජිගි ජිගි චා අහ අහ ජිගි
ජිගි චා
මම ආදරෙයි.. ඔයා ඇයි මට ආ.. දරේ
නැත්තේ
මම ලිදේ
පනිනවා - මගෙ සුදු කුක්කු පැටියා
ඔයා එනවද මා
එක්ක... අහ අහ ජිගි ජිගි චා අහ අහ ජිගි ජගි චා
නිල්සාරී.................................”
මේ දවස්වල ලංකාවේ සෝන්ග්ස් චාට්ස්
වල උඩින්ම තියන ලස්සනම ලස්සන සෝන්ග් එක තමයි අපි ඒ ඔයාලට දුන්නෙ. එහෙනම් අපි දැන්
හැරෙමු අපේ ගෙස්ට් දිහාවට. ඔහුගෙ නම නොකිවුවත් දැක්ක ගමන් හැමෝ අදුරනවා.ඔහු තමයි අපේ
ප්‍රවීන ආර්ටිස්ට්.. කණිෂ්ක කොඩිතුවක්කු.. එහෙමත් නැත්තම් හැමෝම ආදරේට කතා කරන
කොඩී..
මාත් කොඩී කියල කතා කලාට කමක් නෑ
නේද? ගුඩ් මෝනින් ඔබතුමාටත්
ගුඩ් මෝනින් කිකී.
අපේ කාල වෙලාවත් එක්ක අපි
පුළුළුන් තරමක් අද කතා කරමු. කොහොමද ඉතිං මේ දවස්වල වැඩ කටයුතු.කලා කටයුතු
ඔවු ඇත්තටම මේ දවස්වල හරිම බිසි.. මම ඩිරෙක්ට් කරන
ටෙලි ඩ්‍රාමාස් දෙකක් ටෙලිකාස්ට් වෙනවා. එකක් ගෙම්බා අනික නැන්දම්මයි ලේලියි.
ගෙම්බා අළුත් මෙගා එක. ඒකට ඉතාම හොද ප්‍රතිචාර දැනටම තියනවා. නැන්දම්මයි ලේලියි
එකේ දැන් යන්නෙ 819 වෙනි එපිසෝඩ් එක. ඒකටත් ඉතා හොද ප්‍රතිචාර තියෙනවා. මට රගපාන්න
ගොඩක් ආරාධනා එනවා. ඒත් කාර්යබහුල නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න උනා. ඒ ගැන මම මගේ
රසිකයන්ගෙන් සමාව අයදිනවා.
ම්ම්..කොඩී එතකොට නැන්දම්මයි ලේලි
අවසන් කරන්න ඉන්නෙ කොටස් කීයකින්ද?
ඇත්තටම මම ඒ ගැන තාම හිතල නෑ ප්‍රධාන නිළිය 5 වෙනි
වතාවට මේ එපිසෝඩ් එකේ මාරු උනා. එතැන් පටන් අළුත් කතාවක් වගේ යනවා.
ම්ම්..කොඩී ඔබ මෙතෙක් ආපු ගමන්මග
පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න කිවුවොත්.
ඔවු ඇත්තටම කලාව කියන එක පොඩි කාලෙ ඉදලම මගෙ ඇගේම
තිබුන එකක්. මම කලා ජීවිතේ පටන් ගත්තෙත් චැනල් එක්ස් එකෙන්. මම මුලන්ම වයස අවුරුදු
10දි පුංචි තරු ප්‍රෝග්‍රෑම් එකේ අනිතිම 35000 දෙනාට තේරුනා. එතනින් පස්සෙ අවුරුදු
16 වෙනකන්ම මම පුංචි තරු වලට සහභාගී උනත් 20000න් උඩට යන්න බැරි උනා. ඊට පස්සෙ වයස
හරි නිසා තරුණ තරු ප්‍රෝග්‍රෑම් එකට ආවා.. ඒකෙන් මට විශාල ජනප්‍රියත්වයක් ලැබුනා.
ඒකෙ අන්තිම 25ට වෙනකන් ඇවිත් ඉවත් උනා. ඒකෙදි ඇතිවෙච්ච ඇදුනුම්කම් වලින් ටෙලි නාට්‍යවල
පොඩි පොඩි චරිත ඇක්ට් කරලා ඊට පස්සෙ මමම ටෙලි නාට්‍යයක් ඩිරෙක්ට් කරල ප්‍රධාන
චරිතෙ ඇක්ට් කලා. ඊට පස්සෙ තරුණ තරු වැඩසටහනේ නිවේදන කටයුතු වලට ආරාධනාවක් හම්බුනා.මේ
වෙද්දි නිවේදනයෙන් රංගනයෙන් ඈත් වෙලා අධ්‍යක්ෂණය හා නිශ්පාදනය තමයි කරන්නෙ.
ඔබට සහජ දක්ෂතාවය ඇරුනම මේ ප්රෙෆෙෂන්ස්
හදාරල තියෙනවද?
පිස්සුද නංගි මේවයෙ මොනවද හදාරන්න තියෙන්නෙ.
ඒ කියන්නෙ කොඩී නිශ්පාදනය හා අධ්‍යක්ෂණයත්
ඔය තරම් ලේසිද?
අයියෝ මොකක් කියනවද නංගි
දැන් පදුරකට පයින් ගැහුවොත් නළු නිලි උණ තියන ඔය තරු
ප්‍රෝග්‍රෑම් හැට හුටහමාරෙන් එලියට විසිවෙච්ච කෙල්ලො කොල්ලො රොත්තක්
අහුලගත්තැහැකි. උන්ට ගෙවන්න ඕනෙත් නෑ..ඕනෙම නම් මුලින් පොඩ්ඩක් ගෙවනවා. සල්ලි
ඉල්ලං ආවොත් ඒ චරිතෙ කපනවා. ඊට පස්සෙ උන්ටම කියල ඇදුම් ටිකත් ගෙන්නගන්නවා. මේකප්
ආටිස්ට් කෙනෙක් එහෙම පොඩියට සෙට් කරන් ඔය හැම ටෙලියටම ගන්න ගෙයක් දෙකක් සෙට් කරගෙන
කැමරා කරන පොඩි ෆර්ම් එකක් අල්ලගත්තම වැඩේ ගොඩ. නන්නත්තාර වෙච්ච අධ්‍යක්ෂක
කෙනෙකුත් ගත්තම ඇති ඕනමනම්.නැත්තං ඒකයි තිර රචනයයිත් තමන්ටම කරගත්තැහැකි.
උදේම සෙට් එකට යනවා.කතාව කලින් දවසෙ නවත්තපු තැනින්
පටන් අරන් කැමති විදිහට දෙබස් ටිකක් ලියනවා පැය කාලකට සෙට් වෙන්න. පැය බාගෙන්
කාලක් ඇඩි නිසා අවුලක් නැහැ. දෙබස් කිවවුට හැමදාම පෙන්නන්නෙ ගෙදර මිනිස්සු උදේ නැගිටිනවා, මූණ හෝදනවා,
කනවා, කනකොට කෙහෙලි ගෙඩිය ලෙලි ගහනවා ජෑම් බෝතලේ අරිනවා වගේ ඒව පෙන්නනවා, ඊට පස්සෙ
ගේට්ටුව අරිනවා කාර් එක එලියට දානවා, ඔය ටිකයි රබර් වගේ පවුල් ප්‍රශ්න ටිකකුයි
දැමමම නංගි එපිසෝඩ් ලක්ෂයක් උනත් හදන්න බැරියැ.
දැන් කොඩී මිනිස්සු බලනවද ඔහොම
හැදුවම/?
අපෝ නැත්තෙ මොකෝ. බලන්නෙම නැත්තං පැය දෙකක් එක දිගට
බැලුවොත් තෑගි හම්බවෙන සල්ලි දෙන තරගයක් එහෙම දැමම්ම වැඩේ ගොඩ. අපේ කට්ටිය කාසි
ගනන් කර කර ඕව බලනවා.
බ්රේක් එක අතර .
-
"නංගි මම අප්සට් මුකුත් කිවුවෙ නෑ
නේ. "
නෑ අයියෙ අවුලක් නැහැ. පොඩ්ඩක් ඉන්න අයියෙ මම කෝලර්ස්ලා තුන් හතර දෙනෙක්
හොයාගෙන එන්නම්.
" ඇයි නංගි කෝලර්ස්ල හොයන්නෙ?"
-
නැත්තං කවුද අයියෙ වියදම් කරන්
මේවට කෝල් කරන්නෙ. ඔය දන්න කියන කෙනෙක්ව දම්මලා වෙන වෙන නම් වලින් කතා කරවනවා.” -
ඔන්න අයියෙ ලයිව් දානවා.
හා..යි අපි නැවතත් මූණට මූණ ප්‍රෝග්‍රෑම්
එකත් එක්ක...
ශ්‍රී ලාන්කික කලා ක්ශේත්‍රයේ සම්භාව්‍ය කලා කෘති හා ඒ වටා ඉන්න සුවහසක් වූ අති දක්ශ ශිල්පීන් කලාකරුවන් ගැන නිර්දය ලෙස වර්නනා කර තිබෙනපට්ට යතාර්තවාදී නිර්මානයක්
ReplyDelete//නිර්දය ලෙස වර්නනා// ඒකත් නරකම නෑ.ඉස්තුති උගු සීයේ.. බොහිමියානු සිතුවිලි ආයෙ එයි නේ?
Deleteපට්ටයි යකෝ පට්ටම පට්ටයි
ReplyDeleteඅඩේ.. බෝම ඉස්තුති අටම්,..:ඪ්
Deleteමං අද පොස්ට් එකක් දාන්න හිතං හිටියේ.. දැං දාන් නෑ.. ඇතිවෙච්චට ප්‍රීතිමත් කලකිරීම නිසා...
ReplyDeleteපට්ටයි ඈ......
ජ ය වේ වා ! ! ! ! ! !
හුට්ටප්පරයයි. මොකදැයි කලකිරුනෙ
Deleteපිස්සු නැතුව ලියන්ට මෙයා.
අපේ කලා කෙත අස්වද්දන්න.
ඉස්තුතී ජයවේවා!!!
//පුළුවන්නම් කතා තරන්න 0112222222 ට. කතා කරල කැමති සෝන්ග් එකක් රික්වෙස්ට් කරන්න//
Deleteයකෝ මම Call කරා මේ පොලීසියේ නම්බර් එක නේද?? බුදු අම්මෝ මේකිට නං.....................
$%^&2ඉ #$^ 36 යෙට 436 3$^%
නැහැ ඕක අංගොඩ නම්බර් එක. :p
Deleteකවුද බොල අපේ ගෙදර නම්බර් එක පෝස්ට් එකකට දාන්න අවසර දුන්නෙ??
Deleteඔයා ඊයෙ පෙරේදා නේ ගෙදරින් පැනලා ආවෙ
Deleteසිහල කළා කෙත පොහොර කරන්නට මෙවැනි අම්බරුවන් තව තවත් බිහිවේවායි මගෙ පැතුමයි.
ReplyDeleteහරි බයානක පැතුමක්නෙ . අම්බරුවො වඩි කමට දැන් කෙත හොයාගන්නත් නැති වෙලා තියෙන්නෙ.
Deleteහැලප කඩේ
Deleteඅනුන්ගේ අක්ෂර වින්‍යාසය නිවැරදි කරන ඔබ ඊට ප්‍රථම සිහල නොව ` සිහළ ´ ලෙස නිවැරදිව භාවිතා කිරීමට කාරුණික වන්න.. ඉන් පසු අනුන් නිවැරදි කරමු.පළමුව තමුන් දෙසත් දෙවනුව අනුන් දෙසත් ඇස යොමන්න.
ඕක පටන් ගැන්මත් නෙමේ ... අවසානයත් නෙමේ.. අනෙක මාධ්‍ය විතරක් නෙමේ... තමන් සිංහල කියන්න ඒකෙන් ජාතිවාදය ඇවිස්සෙයි කියන මොංගල් සිතිවිල්ලට හරි ඒකෙන් පොෂ් කම නැතිවෙයි කියන මොංඟල් සිතිවිල්ලට වහල් වෙච්චි... සිංහල කියන එකත් එක්ක හැදුනු සමාජ රටාවේ වැරදි තැන් නිවැරදි නොකර ඒවාට බටහිර දේවල් ආදේශ කරමින් යන ගමනේ නිවැරදි සිංහල ඉගෙන ගන්න කෝ වෙලාවක් ??? එහෙව් උවමනාවක් තිබුනත් සල්ලි හොයන්න යන වෙලාවෙන් කෝ ඒකට ඉඩක්... එහෙම වෙලාවක් තිබුනත් කෝ ඒකට හරියට සිංහල ඉගෙන ගන්න විදිහක් සරලව.. ඔක්කොම පැටලිලා.. සංස්කෘතිය බටහිර වෙලා ජාතිය දේශපාළණීකරනය වෙලා සමූහය වෙනුවට තමන් කියන සංකල්පයත් එක්ක මව් භාෂාව කියන එක ඕනෙස් නෑ අනෙකාට තේරෙන්න තමන්ගේ වැඩේ කරගන්න පුලුවන් සන්නිවේදන ක්‍රමයක් විතරයි හොයන්නේ... ඒකයි අවුල...
ReplyDeleteස්ටඩී ලීව් එක තියෙන්නේ පෝස්ට් ලියන්නද? හාකෝ :P
මොන ජාතිවාදද තමන්ට ඉන්ග්‍රීසි බෑ කියලා හිතෙන හීනමානෙන් මිදෙන්නයි පොශ්කම යනු බාගෙට සින්හල බරිවීමෛ කියන ලොලු මානසිකත්වෙ තමයි.ඔලු ඇතුලෙ තියෙන්නෙ වික්ටෝරියානු කොන්ක්‍රීට් තාප්පයක්. ඕකට කුලු ගෙඩියකින් ගහන්න තරම් බලයක් අපේ මවු බාශාවට දෙන්නෙ නෑ කවුරුත්.රටේ අවාසනාව ඒ වගේ මාද්‍ය පරපුරක් බිහිවීම.ඕක දැනට වඩා අනාගතේට ප්‍රශ්නයක්.මොකද ඔවුන්ගෙන් අනාගතේට සම්ප්‍රේශනය වෙන්නෙත් වැර්දි දැක්මක් නිසා.මං හිතන්නෙ දෙමවුපියන්ටයි ගුරුවරුන්ට්යි ඕක වෙනස් කරන්න පුලුවන් වෙයි උවමනානම්.
Deleteඔව් ඔව් ස්ටඩි ලීව් එකේ හරි අපිවත් ලියන්න එපැයි ඔයාල නොලියන එකේ.
ජයවේවා!!
මෙහෙම අමූලික බොරු ලියන්න එපා!
ReplyDeleteසොරි, සොරි වැරදුණා,
Deleteඇයි මෙයා මේ වගේ ලයිස් ලියන්නේ, හරීම නෝටි, ඔයා නං අපේ ෆෑන් කෙනෙක් නෙමේ. මං තලාම, තලායි!
අපි කවදාවත් අපේ ෆෑන්ස්ලට චීට් කරන්නැහැ මෙයා. තලා නොවී මේ පට්ට සෝන්ග් එක බලලා ඉන්නකෝ
Deleteඅලේ පට්ට පට පට සාශෝ... ඔයා ආව විතරයි බ්ලොග් වල ලොකු හිස්තැනක් පිරවුනා වගේ.
ReplyDeleteමේ ලියන ස්ටයිල් එකට මම මාර ලයික්. ඕකේ ඩාලින්. උම්මා ඈ... දෙන් දිගටම ඔයාගෙ මේ ටැලන්ට් එක අපිට පෙන්නන්න මම ඔයාට මුලු හාට් එකෙන්ම විශ් කරනවා ඕකේ!
උම්මා උම්ම්ම් උම්ම්මා තැන්ක්යූ වෙරි මච් බසිස්.
Deleteඕම මාව ඇප්‍රිසියේට් කරද්දි මට මාර ශයි මෙයා.
පට්ටයි කියන්නෙ උපරිමයි මචෝ!! තාම හිනා බන්.
ReplyDeleteහිනා කාලා බඩ රිදෙනවා දෙයියනේ. :D
දෙන්නද සිද්දාලේප අසමෝදගම් ටිකක්. බඩේ අමාරුව හොද වෙන්න හවසට හවසට ටීවී බලන්න මෙයා.
Deleteටන්කූ.,
අර කෙලී මොකෑ අප්පා අච්චර උම්මා දෙන්නෙ? එවුවයෙන් වැඩක් නෑ. ඔන්න විරාමය අතරේ මගෙනුත් ගීයක්!
ReplyDeleteකළු නෝටි කෙල්ල
sweety මැණික මගේ
මං ඔන්න අවා
උම්මා උම්මා ඕනේ
නුඹ නැති දීපේ රස නෑ නෝනේ
තුරුලට පැනපන් මාගේ
පපුවම මගේ ගින්දර වගේ
මං හරි handsome නෝනේ
රොමියො ජුලියට් වාගේ අපි දෙන්නා
මයෙ කළු කෙල්ලේ ආදරේ දල්ලේ
උඹ මාගෙ පණමයි හිතුනා
මල්මද හාසේ උතුරයි දෑසේ
ලෝකෙට රහසේ
ඉදපන් පහසේ
කෝ-කිස් අවුරුදු
මේ මිස් අපෙ no මුදු
එනවද මගෙ ලගට වස්තු
හදහන් බලලා හදමු පෝරු
ඉකිබිච් මහත පිට්ටු
සාරි ඇදන් දාලා වළලු
Shirty මැනික නටනවා බන්
අත අල්ලලා දුන්නා තොත්තු
අඟුරු වලට ලගම පාට කළු ලු
ඊට වඩා මගේ මැණීක සුදු ලු
මටම කැපෙන hot-ම පාට තලේළු
කියන්නේ මං විරිදු
යේ,. දැට්ස් අමේසින්ග් . පට්ට සෝන්ග් එක නේද මෙයා, හිහ් හී
Deleteහි හායි කිකි ..ඔයාගේ වොයිස් එක මාරයි , අයි ලයික් ඉට් ..සිරාවටම ... ඔයා කැමතිනම් මම හැමදාම ඔයාගේ කෝලර් කෙනෙක් වෙන්නම්කො මෙයා. එක නෙවෙයි ඔයාගේ ඩ්‍රෙස් එකටත් මාර ලයික් .... කීප් ඉට් අප් ..කිකී
ReplyDeleteමට විලිලැජ්ජයි ඕයි!!
Deleteඇඩෙනවා මෙයාලා තනි ඇහැට නෙමේ... ඇස් දෙකට.ඔවු
Deleteකීප් ඉට් අප් ..කිකී LOL
Deleteඅනේමංදා පවුලූශා නෝටි.
Deleteමේ බස්සියො බොලා බුකිය පැත්තෙ යන්නෙම නැතෙයි??? ගියත් මැසේජ් කියලා ජාතියක් බලන්නැතෙයි?
හැක හැක හැක හැක වෙන මොනවා කියන්නද බොලව් උන්ට , එහෙම වුනානම් ඔන්න හැමදාම ටී.වී. බලයි අඩු ගානේ කොල්ලෝ ටිකවත් , නැද්ද මං අහන්නේ ? :P
Deleteඔය නාඩගම් දැන් හැමතැනම. ඇස් කන් ඇරගෙන අහගෙන බලාගෙන ඉන්න තරම් ශක්තියක් මට නම් නැහැ... ළග පාතක ඔය දැරිවියෝ හිටියොත් මං හොද සිංහල කියලා දෙනවා. අම්මපා.............
ReplyDeleteමං නම් දැන් ටීවී බැලිල්ල අතෑරලා තියෙන්නෙ.
Deleteමාත් ටි.වී බැලිල්ල නම් අතෑරල තියෙන්නේ, බලන්න දෙයක් නැහැනෙ කොහමත් දැන්.
ReplyDeleteඔබම කමෙන්ටුවක කියලා තියෙනවා වගේ, පොෂ් කියන්නෙ බැරි ගාතෙ හරි කැඩිච්ච ඉංග්‍රීසියෙන් සහ වරද්ද වරද්ද සිංහල කතා කරන එක ( ඉන්ටර්නැෂනල් ස්කූල් වල ඉගෙනගත් , සුපිරි යැයි සම්මත සමාජ පසුබිමක ජීවත් වන බව මවා පෙන්වීමට ) කියලා හිතාගෙන ඉන්න මන්ද මානසික රෝගින්, රේඩියෝ , ටී.වී චැනල් වල කරන විප්‍රකාර දැක්කහම ටී.වී බලන්න නෙමෙයි , ටීවී එක අරං පොළොවෙ ගහන්න තමා හිතෙන්නේ..
* වර්තමාන සමාජ යථාර්තයක් ලස්සනට ගළපලා තියෙනවා.
ඇත්තමයි ටීවී බැලුවම වෙන්නෙ ඇගේ ලේ ටික කෝප වෙන එක විතරයි. කිසි වැඩකට නෑ.නිවුස් බැලුවත් එච්චරයි දැන්නම්.
Deleteස්තූතියි සදරු
අනේ අම්මපා නංගියෙ කාටද මේ ටොකු අනින්නේ..
ReplyDeleteමේ ඒක නෙමේ.. මටත් අර වගේ සෝන්ග් එකක් ලියල දෙන්න බැරිද.. ඔයා සෝක් එකට ලියල තියෙනව..
හි හී ටොකු නම් අනේ මන්ද.ඇහෙන දකින දේ ලියමි. අපෝ පුලුවන් ඔහොම සින්දු ලියන්න මොන්ටිසෝරි යන පොඩි උන්ටත් බැරියැ. ටන්කූ ට්රෝ
Deleteමට ටී වී බැලිල්ල එපා වෙලා තියන්නෙ ඔය කෙහෙම්මල් හින්දමයි.
ReplyDeleteමරේ මරු ලිවිල්ල.
සහතික ඇත්ත අනේ.
Deleteබෝම ඉස්තුති මෙයා....
ඉස්සරෝම....
ReplyDeleteමං ටොට වෙඩි තිවනව...
මේ උලව්ව මගෙ එකේ අප්ඩේට් වෙන්නෙ නෑ...
මේකත් අහම්බෙන් දැක්ක...
ඒකට මක්ක හරි කොරන්න බල....
පට්ට ඈ...
සාෂා එන්න එන්න මුවහත් වෙනව...
ජයෙන් ජයම වේවා
හනේ ඒම කොරන්ඩ එපා අවන්හල් පාලක තුමා. එහෙම අවුලක් තීනව තමා. කොම්පියුටර් ජිල්මාට් කීප දෙනෙක්ගෙන්ම ඇහුවට කිවුව බ්ලොග් වල එහෙම අවුලක් එනව හදන්න විදහක් තාම නැහැ කීල. මාතලන් සෑර්ගෙ සින්ඩියෙත් අප් වෙන්නැද්ද මන්ද මේක
Deleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
හරි මම බලන්නම් ඇඩ්මින් තුමා
Deleteමේක පට්ට බන්...................
ReplyDeleteඉස්තුති ඉස්තුති දරුවා,,
Deleteකියන්නට වචන නැත.. :D
ReplyDeleteහානී...තෑන්ක්ස් මියා...
Delete