රස කතා , කවි කතා , නිසඳැස්, ජනකතා, දේව කතා , අර කතා, මේ කතා,ආගිය කතා වගේ නිර්මාණ අච්චාරුවකින් කැමති අච්චාරුව රහ බලන්න ගොඩවෙන්න අච්චාරු කඩේට....
Friday, March 14, 2014
නවතින්නට එනවද සිතිජයට කලින්
සරතැස නිවා සනහන්නට ගිම්හානේ
වට බිඳු වැස්ස විය නුඹ මා හිත් මානේ
වැහිබර මේකුළින් වියැකුනු හඳපානේ
අඩුකම මැකූ තරුවයි නුඹ රෑ පානේ
හීන් සීරුවට පටලන් ඇඟිලි තුඩින්
රොබරෝසියා මල් ඉහිරුනු පාර මැදින්
ඇවිදන් ගිහින් සැනසිල්ලේ හෙමින් හෙමින්
නවතින්නට එනවද සිතිජයට කලින්
කවි සිත පුබුදුවෙන මහ රෑ වෙලාවක
නුඹෙ වුවනත දිලිසෙයි ලෙස පුන් සඳක
ඈ හා ගියොත් තියලා මා දුක් ලොවක
පතනෙමි ලඟින් ඉන්නට සසරෙහි දිනක
Subscribe to:
Post Comments (Atom)
ඌප්ස... පට්ට නෙව...කියාගන්නදෙයක් හිතාගන්න බැරුව මං මේ කල්පනා කොලේ.... ඒ තරං නියමෙටම ලියල තියෙනව...
ReplyDeleteරොබෝරෝසියා මල්
ඉහිරුනු පාර දිග
අත් අල්ලන් යන්නට
ඉස්සරම දවසක වගේ
එන්නං ඉක්මණටම
නුඹ බලාගෙන ඉන්න
එදා වගෙම
තරු ඉහිරුණු හැන්දෑවක
ටංකු මෙයා..කාලෙකින් ලිවුවෙ කයියක්.
Deleteපුරුදු මංපෙතේ
තනිකම නුහුරුයි
තනිකම තනියට
තනි මැකුවා
කවිසිත පුබුදුවෙන මේ වගේ වෙලාවක
ReplyDeleteමොකටද නගෝ තෙරෙපන්නේ හිතේ දුක
ඈ හා ගියොත් ඔහු තියලා ඔබ දුකක
මෙන්න මෙහේ වරෙන් යන්ට මා එක්ක :D
කවි ටික සුපිරිය ....කවි ලියන්නට හැකි අය අඩුය ..ඒ නිසා රස කවි ලියාපන්ය .....ජය වේවාය
පැණයක් අසන්නෙමි පිළිතුරු දෙනවාද
Deleteපවුලුෂා අයියා ඔබ මුස්ලිම්ද? :P
මහලොකු කවියො නෙමේ..ඒත් ආසයි.ඒ නිසා ලියන්න ට්‍රයි කරනවා..ස්තුති අගේ කිරීමට!
ඒ පැනයට හිටගෙන පිළිතුරු දෙන්නේ
Deleteමුස්ලිම් වුනොත් විතරද නංගියේ එන්නේ ....? :P
දැනටත් ඔබට තුන හතරක් සිටින නිසා
Deleteහතක් ගන්න බෑ මුස්ලිම් නොවෙන නිසා :P
තුන හතරක්??? ;o උඹ හිතුවට වඩා වැඩ්ඩෙක්නෙ ඉවාන්. ;) ;)
Deleteහඃ හඃ හඃ
Deleteසාශෝ උඹේ ඔලුවේ පුස් බැඳිලාද
Deleteබක බක හඬ ඇසීලා මන්මත් වීද
ගෙඹිලූශාගෙ අතගෙන මංගල සාද
සමරන්නට හදන්නේ අමු කැවිලාද
හෝමෝ සේපියන් කියලා හිතුවාට
Deleteගෙම්බෙක් කියයි ඔබ මේ පවුලූශාට
මංගල සාද නම් දෙන්නෑ මලාට
දැනටත් පවුලුශා බැඳලා හොරාට
කතා කලත් සොදුරු බසින් පණදෙන්න
Deleteසාශෝ එපා ඔබ කිසිදින රැවටෙන්න
මුසාබස් දොඩා ඔබ කැන්දාගෙනයන්න
ගෙබ්බා සැරසුනොත් ඔබ මාහා එන්න :D
මගේ ඉවාන් මල්ලි එහෙම හොරෙන් බදින කොල්ලෙක් නෙමේ.... :)
Delete@සසිඳු - වැඩි දෙනෙකුගෙ හිත රිද්දල එක්‍කෙනෙකුව බැහැ බඳින්න..:P
Delete@kenji - හැබෑද?
හිත් රිදුනත් ඔබ තීරණයක් ගත යුතුය
Deleteඅන්අයගේ සිත සනසනු හැමදාමත් බැරිය
ගැලපෙන කෙනා තෝරාගත යුතු ඔබය
නැතහොත් උරුම වන්නේ තනිකඩ බවය
තනිකඩකම නම් මට හොඳ හැටි හුරුය
Deleteහැමදේකට වඩා නිදහස අපූරුය
ගැලපෙන කෙනා හොයනා එක අමාරුය
බලා ඉන්නෙ කාලය එළඹෙන තුරුය
සසිඳු කියන දිගන්චියා මොකටද මේ හැටි උනන්දු
Deleteඅනේ මලේ මොකටද මම කියන්නේ උඹ වෙන පොරොන්දු
මහ දහවල් එක වෙනකන් ඇඳට වෙලා වී තුන්කුදු
නිදන එකා වැඩක් වෙයිද හිර ගන්නට වී උනන්දු
@සාශා
Deleteතනිකම හොදයි කියලා ඔබ සිතනවනම්
තවත් නොරැදි මන් මෙතනින් යන්නම්
කෙදිනක හෝ මා ගැන සිත විමසයිනම්
නැවත එන්න මා ඔබ තෝරාගන්නම්
@ඉවාන්
මෙය හුදෙක්ම විහිලුව පිනිසම වේය
මැය හිරයට ගන්නට මට සිත් නෑය
දිගා උනත් මම එල කොල්ලාය
ගෙම්බා අයියෙ උබ අදින්නෙ කම්බාය
@සසිඳු - ඔබ යන්නම යන්නම යනවානම්
Deleteමට ඉන්න කියන්නට බෑනේ ඉතිං....
එක හිත ඇතිව ගියොතින් උඹ හා දීගේ
ReplyDeleteරොස් බත් නිසැක වෙයි උට අඟුරුම වාගේ
හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
Deleteඅඩුගානේ කිරි හොද්දක් හදල තියන්නම්...
:p
කිරි හොද්දත් එක්ක චූන් පාන් තමා කන්න වෙන්නෙ!! ;p
Deleteකිරි හොද්දක් හදල දුන්නම බතක් උයාගන්න බැරිද අනේ..
Deleteමේ සාසා එක්ක
Deleteඑක හිත ඇතුව යට ඉන්නට එක වහලේ
මොන ජගතටද පුළුවන් එය ඈ රාලේ ??
හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් මගේ නමින්..
Deleteඅහා... කයි නෙව. අගෙයි අගෙයි !
ReplyDeleteටංකු ටංකු මෙයා
Deleteඑන එකාට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාගෙනම එන්න කියන්න
ReplyDeleteඋකුස්සෙක් ඉන්න ඉන්ෂුවරන්ස් එකක් තියෙනව නේ මොකක්හරි?
Deleteආච්චිලා කවිත් ලියනවැයි? එළ එළ. :)
ReplyDeleteඇයි බොල කොලුවො ආච්චිලා ලීවොත් ලියවෙන්නැතෙයි?
Deleteආච්චියේ නුඹ හට මොන කවි පදද
Deleteයනතැනකට දැන්වත් පින්කලයතු නොවෙද
ආචිචි කියා මට අමතනවාද?
Deleteඑහෙනම් සසිඳුවා මුත්තා නොවේද?
හැමටම නොහැක රස කයි පද බඳින්නට
ReplyDeleteරහම රහයි ඒකයි මේ මල් නුඹට
සිනා සලා ගන්නම් මල් මිට අතට
Deleteටංකු මාතලං සෑර් කයියට
හඃ හඃ හඃ හඃ .......
ReplyDeleteඔය තියෙන්නේ ගින්දර වගේ .....
හඃ හඃ හඃ ගිනි ගිනි
Deleteබෑ කිය කියා පදමට රස කවි ගොතලා
ReplyDeleteකොල්ලගේ මූණ අර සඳකට සම ත් කළා
පෙර මෙන් නොව එලිසමයත් ගලපාලා
ලියු මේ කයි පංකාදුයි නියමයි ඩලා
අැගයුම දුටු මගේ හිත සතුටින් පිරුණා
Deleteනුඹෙ කයි දුටු විටත් මට සතුටක් දැනුනා
කවි ලිය ලියා ප්‍රැක්ටිස් වෙන බව පේනා
කවි කොළ ලියමු තව තව දැන් නොවී ගොනා
එළ කයි ටිකට හිත ගියෙ පෙර පුරුද්දට
ReplyDeleteමට නං බැරිය සාෂෝ කයි ලියන්නට
ඔය ලියලා ඇත්තෙ හරි යස අපූරුවට
Deleteලියමු ලියමු මොනවද බැරි හැලපයට
60 පැන්නත් හැලපය එල කොල්ලාය
Deleteමෙලෙස කියන්නේ හදවත පල්ලාය
අන්තිම පදේ නිසා පරණ කතන්දරයක් මතක් වුනා. ඒ ගැන් ස්තුතියි.
ReplyDeleteආ..ඒමද ඒනම් ඒකත් ලියමුකො බලන්න.
Deleteදෙවෙනි කවියේ යවහන් දෝෂය තියෙනවා. පදය ය, ව, හ හෝ න් අකුරකින් අවසන් වෙනවිට පද හතරේම අවසන් අකුරු දෙකම සමාන විය යුතුයි.
ReplyDeleteඋදා: ගොඩමඩ දෙකම සරුසාරය පල බරය කියන කවිය
මෙතන්දී උඩින්, තුඩින් වගේ වචන එන්න ඕනේ. ශබ්ධ රසය වැඩිවෙන්නේ එවිටයි.
අප්පේ..ඇත්තමට අදයි ඇහුවෙත් ඒ ගැන.කොහෙද ආසාවට කුරුටු ගෑවට කවි ගැන කිසිම හදෑරීමක් කරල නෑ..අනේ බොහොමම ටංකු කකා..ආයෙ ලියද්දි අනිවා වැරැද්ද හදාගන්නම්
Deleteසාසෝ මේකට ගොහින් බලපින්
Deleteඕක කියෙවුවා!! දෙවනි කොටස දානන් කියල ට්‍රොජාට තර්ජනේකුත් කලා..ම්හු..කෝ නෑනේ..ටංකු මේක සේවු කරල තියාගන්න ඕන.:D කියෙවුව විතරයි මතක නෑනේ
Deleteපතනෙමි ළඟින් ඉන්නට සසරෙදි දිනෙක.............කොච්චර ලස්සන පැතුමක්ද.......
ReplyDeleteහ්ම්..ඒකනෙ. තැංකු කුරුටු :D
Deleteසරතැස නිවා සනහන්නට ගිම්හානේ
ReplyDeleteවට බිඳු වැස්ස විය නුඹ මා හිත් මානේ
අඩුකම මැකූ තරුවයි නුඹ රෑ පානේ
පැනලා යමුද අපිදෙන්නා හඳපානේ :D
පේනවනෙ කැත හිත...
Deleteකැතසිත නොවේ ආදරයයි උතුරාණ
Deleteපටලාගනු එපා එය මා ප්‍රිය මිතුරාණ :D
හඃ හඃ හඃ හඃ ලියන්න කවිත් නෑ බොලවු
Deleteකවි සිතුවිලි ඔබගේ අහවර වී ඇතිද
Deleteඊයේ හොදින් සිටි ඔබහට අද මක්උනිද
අහවර වී නොමැත කවිබර සිතුවිල්ල
Deleteසිනහව නැගේ දුටු විට කවි ලියවිල්ල
තව දුරටත් කවි ලිවිල්ල මට බැරිය
Deleteඑනිසා මෙතනින් මම නවතිමිය
පවුලුශාට බිය වී ඇති බවක් පෙනේ
Deleteහැංගීලා කොයි යනවද අනේ අනේ
මා කිසිදින ගෙම්බා හට නොමවේය බිය
Deleteඑනමුත් දැන්වත් මා යායුතුය
මෙය අවකාශයයි නිදහස උතුරුවන
Deleteයන්නට අවැසි කල ඔබ යන්නට යා යුතුය
නොගොස් එන්නට බැරිය.නෑවිත් යන්නට බැරිය නේ :p
හෑ..දැන්නෙ දැක්කෙ මේ කොමෙන්ටුවට විතරක් මූණ මාරු උනේ කෝමෙයි?
Deleteඑව්ව රහස් :P
Deleteහාකො හාකො
Delete
ReplyDeleteඅපිත් ඉතිං තාම ශිංගල් :3
අපිත් කිවුවට ඔයා විතරයි මම හිතන්නෙ සිංගල් ( ඒකත් සුවර් නෑ ) අනිත් අය ඩබල් ට්‍රිබල් පාටයි
Deleteඩබල් ට්‍රිබල් හිටියත් සමහරුන් හට
Deleteසිංගල් බව උරුමයි අප දෙදෙනාට :D
අරඹමු තිදෙන එක්වී නව සංගමයක්
Deleteනිදහස්වාසි තනිකඩයන් ඉන්න තැනක් :D
කීමට ඇහැකි ඔබෙ කවි ගීවල වරුණ
ReplyDeleteපදවැල් තිබේ මගෙ හද ඇතුලෙම මැරුණ
හොඳටම දැණේ මේ කීමට යන කරුණ
කවියෙන් ලියන්නට බැහැ ළමයෝ මම අරුණ
මේ කවි ලියන මගෙ නම සාසා වේ ඔවු
Deleteඔය ගලපා ඇත්තේ යස පද ටික සිවු
සතුටින් බාරගමි ඔබ කියු රසබර කවු
බැරියැයි බොරුවට නොකියන් ඒකම පවු
මහ ලොකුවට මට නොහැක කවි සිතුවිලි විචරුමට......
ReplyDeleteරසම රසයි මේ පදවැල් ටික මල් පහට......
ආසාවෙන් ලිවුවට කව්
Deleteවිවරුම මටවත් බෑ ඔවු!
ටංකු වේවා කෙන්ජයියෝ..
කවියට කවිය කරනෙමි මෙලෙසකට හිලව්
Deleteගෙතුමත් විචරුමත් මා හට නොහැක බොලව්
ඒත් මෙලෙස කවි ගෙතෙන්නෙ කිමද බලව්
කුමක් සිදුවුනිද වටහාගත නොහැක බොලව් :D
බැරි යැයි කිය කියා කවි වැල් ගොතන ලෙද
Deleteපෙනෙනවාද මෙහි ඉන්නා කවියො හොඳ
කරමි යෝජනාවක් මම මෙතන අද
බ්ලොග් ලෝකෙත් කවි මඩුවක් අරඹුමද??
//කවි සිත පුබුදුවෙන මහ රෑ වෙලාවක
ReplyDeleteනුඹෙ වුවනත දිලිසෙයි ලෙස පුන් සඳක
ඈ හා ගියොත් තියලා මා දුක් ලොවක
පතනෙමි ලඟින් ඉන්නට සසරෙහි දිනක//
ලස්සන කවි පංතිය සාශෝ..
ජය වේවා!!!
බෝම ස්තුති මෙයා...
Deleteසුබ උපන්දිනයක් ;)
ReplyDelete.
.
.
බයිද වේ ලස්සන කවි ටික :)
හලේ...බෝම ටංකු බඩියෝ....
DeleteKavith comentuth pankaadu 5i!
ReplyDeleteටංකු මෙයා..:D :D
Deleteකවි වලටත් වඩා කමෙන්ට් ටික රසයිද මන්දා,,, :D :D
ReplyDeleteසහතික ඇත්ත.කෝමත් බොහෝ පොස්ට් වල අර්ධයක් රචකයා අතිනුත් අනිත් අර්ධය පාඨකයාගෙනුත් සම්පූර්ණ වෙනවා
Deleteniyamai aaah.
ReplyDeletetanku malliyo
Delete