Friday, March 14, 2014

නවතින්නට එනවද සිතිජයට කලින්



                                                            සරතැස නිවා සනහන්නට ගිම්හානේ
                                                            වට බිඳු වැස්ස විය නුඹ මා හිත් මානේ
                                                            වැහිබර මේකුළින් වියැකුනු හඳපානේ
                                                            අඩුකම මැකූ තරුවයි නුඹ රෑ පානේ

                                                            හීන් සීරුව‍ට පටලන් ඇඟිලි තුඩින්
                                                            රොබරෝසියා මල් ඉහිරුනු පාර මැදින්
                                                            ඇවිදන් ගිහින් සැනසිල්ලේ හෙමින් හෙමින්
                                                            නවතින්නට එනවද සිතිජයට කලින්

                                                            කවි සිත පුබුදුවෙන මහ රෑ වෙලාවක
                                                            නුඹෙ වුවනත දිලිසෙයි ලෙස පුන් සඳක
                                                            ඈ හා ගියොත් තියලා මා දුක් ලොවක
                                                            පතනෙමි ලඟින් ඉන්නට සසරෙහි දිනක

82 comments:

  1. ඌප්ස... පට්ට නෙව...කියාගන්නදෙයක් හිතාගන්න බැරුව මං මේ කල්පනා කොලේ.... ඒ තරං නියමෙටම ලියල තියෙනව...

    රොබෝරෝසියා මල්
    ඉහිරුනු පාර දිග
    අත් අල්ලන් යන්නට
    ඉස්සරම දවසක වගේ
    එන්නං ඉක්මණටම
    නුඹ බලාගෙන ඉන්න
    එදා වගෙම
    තරු ඉහිරුණු හැන්දෑවක

    ReplyDelete
    Replies
    1. ටංකු මෙයා..කාලෙකින් ලිවුවෙ කයියක්.

      පුරුදු මංපෙතේ
      තනිකම නුහුරුයි
      තනිකම තනියට
      තනි මැකුවා

      Delete
  2. කවිසිත පුබුදුවෙන මේ වගේ වෙලාවක
    මොකටද නගෝ තෙරෙපන්නේ හිතේ දුක
    ඈ හා ගියොත් ඔහු තියලා ඔබ දුකක
    මෙන්න මෙහේ වරෙන් යන්ට මා එක්ක :D

    කවි ටික සුපිරිය ....කවි ලියන්නට හැකි අය අඩුය ..ඒ නිසා රස කවි ලියාපන්ය .....ජය වේවාය

    ReplyDelete
    Replies
    1. පැණයක් අසන්නෙමි පිළිතුරු දෙනවාද
      පවුලුෂා අයියා ඔබ මුස්ලිම්ද? :P

      මහලොකු කවියො නෙමේ..ඒත් ආසයි.ඒ නිසා ලියන්න ට්‍රයි කරනවා..ස්තුති අගේ කිරීමට!

      Delete
    2. ඒ පැනයට හිටගෙන පිළිතුරු දෙන්නේ
      මුස්ලිම් වුනොත් විතරද නංගියේ එන්නේ ....? :P

      Delete
    3. දැනටත් ඔබට තුන හතරක් සිටින නිසා
      හතක් ගන්න බෑ මුස්ලිම් නොවෙන නිසා :P

      Delete
    4. තුන හතරක්??? ;o උඹ හිතුවට වඩා වැඩ්ඩෙක්නෙ ඉවාන්. ;) ;)

      Delete
    5. සාශෝ උඹේ ඔලුවේ පුස් බැඳිලාද
      බක බක හඬ ඇසීලා මන්මත් වීද
      ගෙඹිලූශාගෙ අතගෙන මංගල සාද
      සමරන්නට හදන්නේ අමු කැවිලාද

      Delete
    6. හෝමෝ සේපියන් කියලා හිතුවාට
      ගෙම්බෙක් කියයි ඔබ මේ පවුලූශාට
      මංගල සාද නම් දෙන්නෑ මලාට
      දැනටත් පවුලුශා බැඳලා හොරාට

      Delete
    7. කතා කලත් සොදුරු බසින් පණදෙන්න
      සාශෝ එපා ඔබ කිසිදින රැවටෙන්න
      මුසාබස් දොඩා ඔබ කැන්දාගෙනයන්න
      ගෙබ්බා සැරසුනොත් ඔබ මාහා එන්න :D

      Delete
    8. මගේ ඉවාන් මල්ලි එහෙම හොරෙන් බදින කොල්ලෙක් නෙමේ.... :)

      Delete
    9. @සසිඳු - වැඩි දෙනෙකුගෙ හිත රිද්දල එක්‍කෙනෙකුව බැහැ බඳින්න..:P

      @kenji - හැබෑද?

      Delete
    10. හිත් රිදුනත් ඔබ තීරණයක් ගත යුතුය
      අන්අයගේ සිත සනසනු හැමදාමත් බැරිය
      ගැලපෙන කෙනා තෝරාගත යුතු ඔබය
      නැතහොත් උරුම වන්නේ තනිකඩ බවය

      Delete
    11. තනිකඩකම නම් මට හොඳ හැටි හුරුය
      හැමදේකට වඩා නිදහස අපූරුය
      ගැලපෙන කෙන‍ා හොයන‍ා එක අමාරුය
      බලා ඉන්නෙ කාලය එළඹෙන තුරුය

      Delete
    12. සසිඳු කියන දිගන්චියා මොකටද මේ හැටි උනන්දු
      අනේ මලේ මොකටද මම කියන්නේ උඹ වෙන පොරොන්දු
      මහ දහවල් එක වෙනකන් ඇඳට වෙලා වී තුන්කුදු
      නිදන එකා වැඩක් වෙයිද හිර ගන්නට වී උනන්දු

      Delete
    13. @සාශා
      තනිකම හොදයි කියලා ඔබ සිතනවනම්
      තවත් නොරැදි මන් මෙතනින් යන්නම්
      කෙදිනක හෝ මා ගැන සිත විමසයිනම්
      නැවත එන්න මා ඔබ තෝරාගන්නම්

      @ඉවාන්
      මෙය හුදෙක්ම විහිලුව පිනිසම වේය
      මැය හිරයට ගන්නට මට සිත් නෑය
      දිගා උනත් මම එල කොල්ලාය
      ගෙම්බා අයියෙ උබ අදින්නෙ කම්බාය

      Delete
    14. @සසිඳු - ඔබ යන්නම යන්නම යනවානම්
      මට ඉන්න කියන්නට බෑනේ ඉතිං....

      Delete
  3. එක හිත ඇතිව ගියොතින් උඹ හා දීගේ
    රොස් බත් නිසැක වෙයි උට අඟුරුම වාගේ

    ReplyDelete
    Replies
    1. හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
      අඩුගානේ කිරි හොද්දක් හදල තියන්නම්...

      :p

      Delete
    2. කිරි හොද්දත් එක්ක චූන් පාන් තමා කන්න වෙන්නෙ!! ;p

      Delete
    3. කිරි හොද්දක් හදල දුන්නම බතක් උයාගන්න බැරිද අනේ..

      Delete
    4. මේ සාසා එක්ක
      එක හිත ඇතුව යට ඉන්නට එක වහලේ
      මොන ජගතටද පුළුවන් එය ඈ රාලේ ??

      Delete
    5. හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් මගේ නමින්..

      Delete
  4. අහා... කයි නෙව. අගෙයි අගෙයි !

    ReplyDelete
  5. එන එකාට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාගෙනම එන්න කියන්න

    ReplyDelete
    Replies
    1. උකුස්සෙක් ඉන්න ඉන්ෂුවරන්ස් එකක් තියෙනව නේ මොකක්හරි?

      Delete
  6. ආච්චිලා කවිත් ලියනවැයි? එළ එළ. :)

    ReplyDelete
    Replies
    1. ඇයි බොල කොලුවො ආච්චිලා ලීවොත් ලියවෙන්නැතෙයි?

      Delete
    2. ආච්චියේ නුඹ හට මොන කවි පදද
      යනතැනකට දැන්වත් පින්කලයතු නොවෙද

      Delete
    3. ආචිචි කියා මට අමතනවාද?
      එහෙනම් සසිඳුවා මුත්තා නොවේද?

      Delete
  7. හැමටම නොහැක රස කයි පද බඳින්නට
    රහම රහයි ඒකයි මේ මල් නුඹට

    ReplyDelete
    Replies
    1. සිනා සලා ගන්නම් මල් මිට අතට
      ටංකු මාතලං සෑර් කයියට

      Delete
  8. Replies
    1. හඃ හඃ හඃ ගිනි ගිනි

      Delete
  9. බෑ කිය කියා පදමට රස කවි ගොතලා
    කොල්ලගේ මූණ අර සඳකට සම ත් කළා
    පෙර මෙන් නොව එලිසමයත් ගලපාලා
    ලියු මේ කයි පංකාදුයි නියමයි ඩලා

    ReplyDelete
    Replies
    1. අැගයුම දුටු මගේ හිත සතුටින් පිරුණා
      නුඹෙ කයි දුටු විටත් මට සතුටක් දැනුනා
      කවි ලිය ලියා ප්‍රැක්ටිස් වෙන බව පේනා
      කවි කොළ ලියමු තව තව දැන් නොවී ගොනා

      Delete
  10. එළ කයි ටිකට හිත ගියෙ පෙර පුරුද්දට
    මට නං බැරිය සාෂෝ කයි ලියන්නට

    ReplyDelete
    Replies
    1. ඔය ලියලා ඇත්තෙ හරි යස අපූරුවට
      ලියමු ලියමු මොනවද බැරි හැලපයට

      Delete
    2. 60 පැන්නත් හැලපය එල කොල්ලාය
      මෙලෙස කියන්නේ හදවත පල්ලාය

      Delete
  11. අන්තිම පදේ නිසා පරණ කතන්දරයක් මතක් වුනා. ඒ ගැන් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ආ..ඒමද ඒනම් ඒකත් ලියමුකො බලන්න.

      Delete
  12. දෙවෙනි කවියේ යවහන් දෝෂය තියෙනවා. පදය ය, ව, හ හෝ න් අකුරකින් අවසන් වෙනවිට පද හතරේම අවසන් අකුරු දෙකම සමාන විය යුතුයි.

    උදා: ගොඩමඩ දෙකම සරුසාරය පල බරය කියන කවිය

    මෙතන්දී උඩින්, තුඩින් වගේ වචන එන්න ඕනේ. ශබ්ධ රසය වැඩිවෙන්නේ එවිටයි.

    ReplyDelete
    Replies
    1. අප්පේ..ඇත්තමට අදයි ඇහුවෙත් ඒ ගැන.කොහෙද ආසාවට කුරුටු ගෑවට කවි ගැන කිසිම හදෑරීමක් කරල නෑ..අනේ බොහොමම ටංකු කකා..ආයෙ ලියද්දි අනිවා වැරැද්ද හදාගන්නම්

      Delete
    2. සාසෝ මේකට ගොහින් බලපින්

      Delete
    3. ඕක කියෙවුවා!! දෙවනි කොටස දානන් කියල ට්‍රොජාට තර්ජනේකුත් කලා..ම්හු..කෝ නෑනේ..ටංකු මේක සේවු කරල තිය‍ාගන්න ඕන.:D කියෙවුව විතරයි මතක නෑනේ

      Delete
  13. පතනෙමි ළඟින් ඉන්නට සසරෙදි දිනෙක.............කොච්චර ලස්සන පැතුමක්ද.......

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒකනෙ. තැංකු කුරුටු :D

      Delete
  14. සරතැස නිවා සනහන්නට ගිම්හානේ
    වට බිඳු වැස්ස විය නුඹ මා හිත් මානේ
    අඩුකම මැකූ තරුවයි නුඹ රෑ පානේ
    පැනලා යමුද අපිදෙන්නා හඳපානේ :D

    ReplyDelete
    Replies
    1. පේනවනෙ කැත හිත...

      Delete
    2. කැතසිත නොවේ ආදරයයි උතුරාණ
      පටලාගනු එපා එය මා ප්‍රිය මිතුරාණ :D

      Delete
    3. හඃ හඃ හඃ හඃ ලියන්න කවිත් නෑ බොලවු

      Delete
    4. කවි සිතුවිලි ඔබගේ අහවර වී ඇතිද
      ඊයේ හොදින් සිටි ඔබහට අද මක්උනිද

      Delete
    5. අහවර වී නොමැත කවිබර සිතුවිල්ල
      සිනහව නැගේ දුටු විට ‍කවි ලියවිල්ල

      Delete
    6. තව දුරටත් කවි ලිවිල්ල මට බැරිය
      එනිසා මෙතනින් මම නවතිමිය

      Delete
    7. පවුලුශාට බිය වී ඇති බවක් පෙනේ
      හැංගීලා කොයි යනවද අනේ අනේ

      Delete
    8. මා කිසිදින ගෙම්බා හට නොමවේය බිය
      එනමුත් දැන්වත් මා යායුතුය

      Delete
    9. මෙය අවකාශයයි නිදහස උතුරුවන
      යන්නට අවැසි කල ඔබ යන්නට යා යුතුය


      නොගොස් එන්නට බැරිය.නෑවිත් යන්නට බැරිය නේ :p

      Delete
    10. හෑ..දැන්නෙ දැක්කෙ මේ කොමෙන්ටුවට විතරක් මූණ මාරු උනේ කෝමෙයි?

      Delete


  15. අපිත් ඉතිං තාම ශිංගල් :3

    ReplyDelete
    Replies
    1. අපිත් කිවුවට ඔයා විතරයි මම හිතන්නෙ සිංගල් ( ඒකත් සුවර් නෑ ) අනිත් අය ඩබල් ට්‍රිබල් පාටයි

      Delete
    2. ඩබල් ට්‍රිබල් හිටියත් සමහරුන් හට
      සිංගල් බව උරුමයි අප දෙදෙනාට :D

      Delete
    3. අරඹමු තිදෙන එක්වී නව සංගමයක්
      නිදහස්වාසි තනිකඩයන් ඉන්න තැනක් :D

      Delete
  16. කීමට ඇහැකි ඔබෙ කවි ගීවල වරුණ
    පදවැල් තිබේ මගෙ හද ඇතුලෙම මැරුණ
    හොඳටම දැණේ මේ කීමට යන කරුණ
    කවියෙන් ලියන්නට බැහැ ළමයෝ මම අරුණ

    ReplyDelete
    Replies
    1. මේ කවි ලියන මගෙ නම සාසා වේ ඔවු
      ඔය ගලපා ඇත්තේ යස පද ටික සිවු
      සතුටින් බාරගමි ඔබ කියු රසබර කවු
      බැරියැයි බොරුවට නොකියන් ඒකම පවු

      Delete
  17. මහ ලොකුවට මට නොහැක කවි සිතුවිලි විචරුමට......
    රසම රසයි මේ පදවැල් ටික මල් පහට......

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් ලිවුවට කව්
      විවරුම මටවත් බෑ ඔවු!

      ටංකු වේවා කෙන්ජයිය‍ෝ..

      Delete
    2. කවියට කවිය කරනෙමි මෙලෙසකට හිලව්
      ගෙතුමත් විචරුමත් මා හට නොහැක බොලව්
      ඒත් මෙලෙස කවි ගෙතෙන්නෙ කිමද බලව්
      කුමක් සිදුවුනිද වටහාගත නොහැක බොලව් :D

      Delete
    3. බැරි යැයි කිය කියා කවි වැල් ගොතන ලෙද
      පෙනෙනවාද මෙහි ඉන්නා කවියො හොඳ
      කරමි යෝජනාවක් මම මෙතන අද
      බ්ලොග් ලෝකෙත් කවි මඩුවක් අරඹුමද??

      Delete
  18. //කවි සිත පුබුදුවෙන මහ රෑ වෙලාවක
    නුඹෙ වුවනත දිලිසෙයි ලෙස පුන් සඳක
    ඈ හා ගියොත් තියලා මා දුක් ලොවක
    පතනෙමි ලඟින් ඉන්නට සසරෙහි දිනක//

    ලස්සන කවි පංතිය සාශෝ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුති මෙයා...

      Delete
  19. සුබ උපන්දිනයක් ;)

    .
    .
    .

    බයිද වේ ලස්සන කවි ටික :)

    ReplyDelete
    Replies
    1. හලේ...බෝම ටංකු බඩියෝ....

      Delete
  20. Kavith comentuth pankaadu 5i!

    ReplyDelete
  21. කවි වලටත් වඩා කමෙන්ට් ටික රසයිද මන්දා,,, :D :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.කෝමත් බොහෝ පොස්ට් වල අර්ධයක් රචකයා අතිනුත් අනිත් අර්ධය පාඨකයාගෙනුත් සම්පූර්ණ වෙනවා

      Delete