Sunday, February 16, 2014

ලවු සහ හාට්!!

අද තියෙන්නේ අවයව කතාවයි.ඔවු ඔවු හරියට ටයිප් උනා.ලොකු මහත්තයගෙ අයවැය කතාව නෙමේ...අ ව ය ව..මොකද්ද? අවයව.හරි?

අපේ සරීර කූඩුව ඇතුලේ අම්බානකට අවයව ජාති තියෙනවාය.පොඩි සයිස් ඒවා මීඩියම් සයිස් ඒවා මෙන්ම ලොකු සයිස් ඒවාද තියෙනවාය.සරීරයේ ලොකුම අවයවය හම බවත් අභ්‍යන්තර ලොකුම එක අක්මාව බවත් අපිට අපේ ටීචර්ලා උගන්නා තියෙනවාය.ඒවා වගේම වකුගඩුව, බඩවැල,මොළය,හදවත , ප්ලීහාව,උන්ඩුක පුච්ඡය,පෙනහළු  වගේ හෙන ගොඩක් අවයව තියෙනවාය.

සාසා ඒ ගමන කෙහෙම්මල් බයෝ පාඩමක් කොටන්න හදනවාය කියා මට බනින්න එපාය.මම මේ පෝස්ටුව කොටන්නේ  මෙතෙක් කල් අපගේ අවධානයට ලක් නොවී අප වෙනුවෙන් අති උත්කුරුස්ට කාරය භාර්යයක් ඉෂ්ට කරන  අහිංසක වටිනා අවයවයකට තවත් අවයවයක් හා මනුෂ්‍ය වර්ගයා කියන එකා විසින් කරන ලද මහ පොළව නුහුලන අපරාධක් කුමණ්ත්‍රණයක් හෙළි කිරිමේ සේස්ට අරමුණ පෙරදැරිවය.
               
පහුගිය දවස්වල ලංකාවේ කට්ටිය ලවු දිනය කියලා එකක් සැමරුවාය.වැලන්ටයින් අයියා ස්වර්ගයට යන එක අපේ කට්ටිය මාර විදිහට සමරනු බුකියේ වගේම ටීවී එකේත් පෙන්නුවෝය.ලවු දිනයේදී රතු පාට සෝස මල් හෙනට විකිනුනාය.වැලන්ටයින් කාඩ් කියලා ජාතියක්ද තිබ්බෝය.ඒවා වල මේං මේ වගේ  සතුම සතු පාට ලොකු සයිස් හාට් ඇඳලා තිබුනාය.තොරොම්බල් බඩු විකුනන කඩවල් වල මේ මාසේ එක එක පාට එක එක සයිස් හාට් පා උනෝය.

                                               


ටී වී එකේ රබර් නාට්ටි (මෙගා) වලත් හින්දි පිලුම් වලත් ලස්සනට ඇඳගෙන ඉන්න අයියලා අක්කලාට කියන්නේ “මම මගේ මුළු හදවතින්ම උයාට ආදලෙයි.උම්ම්ම උම්ම්ම උම්ම්මමා” කියලාය.හින්දි  ඒවා වල කියන්නෙ”මෙරා ප්යාර් මෙරා සින්දගී.මෙරා දිල් හේ කුචු කුචු හෝතාහේ.පාලග් හේ” කියලාය.

එයින් සාසාට වැටහුනේ ලවු දිනයේදී හාට් එක ඉතා වැදගත් තැනක් ගන්නා බවය.ලවු දිනයේදී අපේ අක්කා (අපේ කිවුවාට මගේ සෙන්ටිමීටර් ගානක් ළඟ නෑදෑයෙකි) ලවු කරන , අක්කාගේ “අයියා” ට  දෙන්නට අක්කා ලොකු හාට් එකක් තියෙන කාඩ් එකක් අරගත්තාය.

සාසා ඉතිං ඔය ලවු ගැන හය හතර නොදන්නා පොඩි එකී නිසා සාසා, අක්කාගෙන් මෙහෙම ඇසුවෙමි.

“අක්කේ ඇයි ලවු දවසට හාට් දෙන්නෙ?”

එවිට අක්කා

“තෝ පල පොඩි උන්ට මොකටද ඕවා $$$%$&^%$%” කියා මා එලවා ගත්තේ නැත.‍ඉතා ආදරයෙන් යුතුව අක්කා සාසාට කරුණු පැහැදිලි කෙරුවාය.

“හාට් එක කියන්නෙ ලවු එකේ සංකේතයයි.පරම පවිත්තර පූජනීය සත්‍ය ලවු එක හෘදය නැමැති සන්තානයේ මරියානා ආගාධය තරං ගැඹුරෙන් බුර බුරා උඩ පැන පැන නැගී මොදු වී මෝරා ඇවිත් (හම්මෝ සත්තු වත්තක්නෙ) මුළු මහත් විස්වය පුරා පැතිරී යන සුන්දර ගින්දර වගේ මෙවුවා එකක්” කියා ඇක්ෂන් දමමින් කීවාය.

ඒ කිවු අටමගල වචන ටික තේරුම් ගන්නට සිංහල සැටිපිකේට් කෝස් එකක්වත් කරන්න ඕනෑ යයි සිත සිතා මම අක්කාට ටැංකුයි කර ඔක්කොම තේරුනා වගේ ආවාය.

සෑහෙන්න බීලා බීලා (වතුර) කල්පනා කළ විට අක්කා කියන එක පොඩ්ඩක් තේරුනාය.එතකොට අක්කා කියන්නේ ලවු එක ඇතිවෙන්නේ හාට් එකේ නිසා ලවු දිනයේ හාට් දෙන බවයි.සාසාගේ ටිකිරි මොළයට එ‍ය අවදාරනය උන ගමන්ම සාසාට මතක් උනේ අපේ බයෝ පොතේ තිබුන පාඩමකි.නෑ...නෑ... 10 වෙනි පාඩම නෙමෙයි.සික්! ඊට පෝ..ඩ්ඩක් මෙහායින් තියෙන “සත්වයන්ගේ සමායෝජනය සහ සමස්ථිතිය” පාඩමයි.

එය සිහිවූ වහා..ම! ඒ පාඩම ඉගැන්වූ සර්ලා මිස් ලා අපිට එතකොට උගන්නා ඇත්තේ බොරුදැයි සිතී මාගේ දෑස් කෝපයෙන් ඔවු කෝපයෙන් දිලිසුනාය. ඒ මොකද කියනවානම් අපේ සර් ලා අපිට කිවුවේ

හාට් එක කරන්නේ සරීරය පුරා ලේ පොම්ප කරලා දෙන එකය , ආදරය,බය,කෝපය, වගේ හැම කෙහෙම්මල් හැඟීමක්ම ඇති වන්නේ අර කියනා බම්බු හාට් එකේ නෙමේය “හයිපොතැලමස”  කියලා එකකය කියලාය. ඒ බරපතල නමක් තියන අවයවේ තියෙන්නේ මොලේය.හාට් එකේ පැත්ත පලාතකවත් නෙමේය.

එතකොට ඒ කියනා හැටියට ලවු එක සමඟ හාට් එකේ කිසිම සම්බන්ධයක් නැත්තේය.ඒ වුනාට හැම ලවු සිංදුවේම ඇත්තේ

හදේ  කොතැනක හෝ හිඳී  ඔබ...

ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුනු මොහොතක...

සීගිරී ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද...
                                                                                  

හදවත ඉල්ලා නොලැබුනු විටදී...

මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්..

කියලාය.

 මට සිතෙනා විදහට මෙය පිටසක්වලින් සිදුකරන ලද අධිරාජ්ජවාදී කුමන්ත්‍රනේක පුතිඵලයක් විදහට උන එකකි.මානූසීය තත්ව යටතේ සිතා බලා අප මේ සේස්ට හයිපොතැලමස් අවයවයානන් කළ නිහඬ සේවය අගය කිරීමටත් සිදුවූ අසාදාරනේ පිටු දැකීමටත් වහා....ම පෙළ ගැසිය යුතුය.

ඒ අනුව වහාම කියාත්මක වන පරිදි සියළු ලවු සින්දු වල හදවත කියන වචනය වෙනුවට හයිපොතැලමස ආදේස කර ,

හයිපොතැලමසේ කොතැනක හෝ හිඳී  ඔබ.....

ඔබේ හයිපොතැලමස  සැලෙන රාවය පවා මසිතට දැනුනු මොහොතක...

සීගිරී ගීයක් ඔබේ හයිපොතැලමසේ ලියන්න දෙනවාද...

හයිපොතැලමස ඉල්ලා නොලැබුනු විටදී...

මුළු ලොවම නැති උනත් එකම හයිපොතැලමසක් ඇත ඔබේ නාමයෙන්..
                                         
මේ ලෙස ගායනා කළ යුතු බවට මම යෝජනා කරනවාය.

ඒ වාගේම අද පටන් ඔබ හැමෝම තමන්ගේ පෙම් වතාට වතීට හස්බන්ඩාට වයිපරේට හදවතින් ආදරේ කරනවා කියා නොකියා “මම ඔයාට මුළු හයිපොතැලමසෙන්ම ආදරෙයි” කියන ලෙසට ඉල්ලා සිටිනවාය.

මේ අහිංසකයාට අද සිදුවූ අසාධාරණය හෙට ඔබට විය හැකිය! මෙය පිටු දැකීම සඳහා අදම පිළිවෙතින් පෙළගැසෙමු!

                                                    




35 comments:

  1. මෙව්වට මොනා කියන්නද මන්දා අෆ්ෆා..................කෙසේ නමුත් හයිපොතැලමසට සිදුවී ඇති අසාධාරණය ලෙසටම හෙලාදකිනවා හරිය......................

    ReplyDelete
    Replies
    1. එ්ක තමයි.ඔබත් මේ අසාදාරණයට එරෙහිව අත්පටියක් පැළඳ දේශයේ වගකීම් අතදරන්නෙකු බව ලොවටම පෙන්වන්න

      Delete
  2. මට නිකමට හිතුනේ, නොදන්න එකෙක්ට “මම ඔයාට මුළු හයිපොතැලමසෙන්ම ආදරෙයි” කියන්න ගියොත්, උන්දෑ හිතයි මේ පත කුණුහරුපයක් කිව්වැයි කියල :D

    ReplyDelete
    Replies
    1. හඃ හඃ ඒකෙනම් පොඩි ඇත්තක් තියෙනවා.අවුලක් නෑ ඔයානම් ඕවා කියලා ගුටි කෑවත් බේත් දෙන්න මිනිස්සු ඉන්නවනෙ නැද්ද?

      Delete
  3. // බුර බුරා උඩ පැන පැන නැගී මොදු වී මෝරා ඇවිත් //

    මෝරා කොලුවා නම් ඔහොම්මමයි

    ReplyDelete
    Replies
    1. දැන් කොලුවෙක් නෙමේය වැඩිහිටිය කිය කිය ඔය යන්නෙ

      Delete
    2. මේ මේ ඔව්වට මාව අල්ලන්න එපා.......................මං අහිංසකයි.

      Delete
  4. ට්‍රෝජන් බෝයිFebruary 17, 2014 at 8:45 AM

    මිනිසාගේ අවයවයක් වන මෙහි විශාල ප්‍රමාණයේ නහර ඇත. මෙය නොමැතිව ආදරය කල නොහැක. ඒ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කොයිල්ද මන්දා.මට එක එක එවුව හිතෙනවනේ...

      Delete
  5. එළකිරි... දිගටම ලියපන්...

    ReplyDelete
    Replies
    1. තැංකිවු කිවුවා ඔන්න සර්!

      Delete
  6. එලස්.... මේ ලියන ඉට්ටැයිල් එකට මම පට්ට ලයික්

    ReplyDelete
    Replies
    1. බෝම ටැංකුයි බස්සියො ටැංකු අච්චාරුවක රහ බලන්න ආවට

      Delete
  7. සුපිරියි බං ලියවිල්ල....ලියන ඉට්ටයිල් එක මරු ...දිගටම ලියන්න...
    මාතලන් ලොක්ක ගොඩවෙලා නිසා ඔහුගෙ සින්ඩියෙත් එල්ලයි...
    මම "තිඹිරි ගෙය"සින්ඩියටත් යවන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි!!! මේ පැත්තට ගොඩ උනාට.කෙන්ජිගෙ කොළමටත් ෆාලා් පාරක් දැම්ම ඔන්න.
      ආයෙත් ටැංකිවු සින්ඩියට !

      Delete
  8. හිහික් හික් හික්... ෆටේ ෆට්ට...
    ඔන්න මාත් එල්ල ගත්ත ලිස්ට් එකේ... එන්නං ඉතිං හැමදාම... දිගටම මේ වගේ පට්ටෙටම ලියමු...
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ෆටේ ෆට්ට තැංකිවු ආ! ගොඩ වෙලා කොමෙන්ටුවකුත් දැම්මට.මාත් ෆලෝ පාරක් දෙන්නම්,............

      Delete
  9. මේ කතාව මම අසා තිබුණා ,අදරේ අන්ධයි කියන්නෙත් විද්‍යත්මක පදනමක් තියෙනවා ,අයේ නාකි විසේ කියන්නෙත් එහෙම එකක් ,ඒ ගැන හොයලා පොස්ටු දාන්න පුළුවන්නම් ...(විද්‍යව දන්නවා වගේ පෙන නිසා කිව්වෙ )
    කතාව එල ...රසවත් ...

    ReplyDelete
    Replies
    1. නාකි විසේ ගැනනම් ටිකක් අහල තියනවා.ඒත්..අන්ධ කතාවනම් දන්නෙ නෑ.හොයල බලන්න වටිනවා.හප්පේ..ටැංකිවු මේ පැත්තෙ ගොඩ උනාට..මම බ්ලොග පැත්තෙ ඇවිත් ගියා

      Delete
  10. ෂා මරුනෙ අප්පා,හයිපොතැලමසයට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව අපි සියලු දෙනාම පෙලගැසෙමු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අපි මේක ජිනීවා හයිපොහිමිකම් කොමිසමට ඉදිරිපත් කරන්න ඕන.අස්සන් 10000ක පෙස්සමක් ගහන්න ඕන

      Delete
  11. බ්ලොගයට සුබ පැතුම් මගෙනුත්.

    රචනා ශෛලිය අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කකා :D අළුත් අපිට අත දෙනවට

      Delete
  12. නියමයි. අපේ සුභ පැතුම්!

    දිගටම ලියමු.

    ReplyDelete
  13. මොනවද අප්පා මේ ලියල තියෙන කුණු හබ්බ.... උණ්ඩුක පුච්චේ ගැනවත් ලියුව නම් හිතා ගන්න තිබ්බ..... හයිපොතැලමස???? ඕක තියෙන්නේ කොහෙද??

    ReplyDelete
    Replies
    1. ඒක තියෙන්නෙ උඩු ඇන්දෙ පුරස්තාර්වක දතට පෝ......ඩ්ඩක් මෙහා දත් අයියෙ

      Delete
  14. හෙහ් හෙහ් එහෙනම් ඔහොම ඔහොම යන්කො පාගලා ඇරලා

    ReplyDelete
    Replies
    1. පාගල යාමුකො හැටේ.....ටැංකුයි අය්යන්ඩි

      Delete
  15. ලිවීම නම් එල.. මම මේ මගේ දාපු කමෙන්ට් එකකින් මේ පැත්තට ඔළුව දාලා බැලුවේ.. ලියමුකෝ එහෙනම්.. අපි එන්නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ..දිගටම එන්නකො එහෙනම් මේ පැත්තෙ.

      Delete
  16. //මම මගේ මුළු හදවතින්ම උයාට ආදලෙයි.උම්ම්ම උම්ම්ම උම්ම්මමා//

    කිසිත් නොකියමි <3

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ඇයි අනේ මොනව හරි කියල යන්නකො

      Delete