Saturday, May 24, 2014

දයාබර දුයිෂෙන් වෙත


ඔළුව ඇතුලෙ මහා පවුරක් බැඳල වගේ ලියන්න දෙයක් මතකෙට එබිකම් කරන්නෙම නැති කොට, හිතම පුස්කාලා වගේ මුකුත් හිතෙන්නෙම නැති කොට, බ්ලොග පාළුවට අරින්නත් හිතට හිතක් නැති කොට, 

අවුරුද්දකට විතර කලින් ජංගමයගෙ මූණත්තහඩුවෙ හදිස්සියට කොටපු නිසඳැසක් මතක් උනා..

ඒ දවස්වලම අන්තිම පේළියෙත් පළවෙච්චි එකක්.සිතුම් සිහින මල්ලියත් මේක බ්ලොගේ දාන්න කියල කියල තිබුන දවසක්දා.

අච්චාරු කඩේ පාළු කපන්නක් එක්ක මේකෙත් සටහන් කරල තියන්නම් :)


දයාබර දුයිෂෙන්,

නුඹ නම් නොගොස් ඇත,
පොප්ලර් අතු රිකිලි වල
වැදී හමන පවන දැනෙන ඉමෙන් ඈතට.
නමුදු ගියෙමි මම,
නැත්තකු සේ සිත් පිත්
ඇගේ සිත දවා තබා.
කළයුතු සහ හැකි,
සියළු යුතුකම්,
අල්තීනායි වෙනුවෙන් කළ නුඔ,
පසුනොතැවෙනු ඇති බව අදහමි ඉඳුරාම.
නමුත් මම වීමි
ආත්මාර්ථකාමියෙක්‍,
යුතුකම් පැහැර හැරි.
ඇය තවමත් සිටින්නීය බලා,
මා එනු ඇතැයි.
ඇගේ සිත බිඳක් සනහනු වස්,
ඇය වෙනුවෙන් ඇදි මේ සිතුවමත්,
ගත් පොරෝනාවත්,
ගෙනගොස් දෙන්නට ‍හැකිද
ඊළග කටුක ශිශිරයට පෙර,
නුඔ බෙදන ලියුම් මිටියෙහි සගවාගෙන,
මගේම වන්නටත්,‍
මගේම කරගන්නටත් පැතූ,
නොරිකෝ සං වෙත?
ඇයට ‍ද්‍රෝහී වූ,
මගේම නොවූ,
මගේම ආලයත් සමගම ?

-දෙවෙන්දොරා සං-
read more ››

Tuesday, May 20, 2014

පිරිමි

හෙලෝ හසියා

ඔවු මචං කියපං

මේ ඉරිදා සෙට් වෙමුද මචං? මොකෝ කියන්නෙ?

අයියෝ මචං මේ ඉරිදා නම් බෑ බං අර වෙන රෙද්දක යන්න සෙට් වෙලා බං.

අහ් කොහෙද බං.

නෑ බං මේ ගෙදරින් දාන ලෙඩ.ප්‍රපෝසල් එකක කෙල්ලෙක් බලන්න යන්න බං.

ෂහ්! පට්ටනෙ බං.සුබපැතුව එහෙනම් ඈ

අනේ බම්බුව තමා බං.මම පොඩ්ඩක්වත් කැමැත්තෙන් යන ගමනක් නෙමෙයි බං.

ඒ මොකෝ බං? මොකද්ද අප්සට් එක?

නෑ බං ඒකි පට්ට ලස්සනයි.හොඳට ඉගෙනගත්ත ඩයල් එකක්.ඔහොම දන්නැති උන්ව කොහොමද බං විස්වාස කරන්නෙ.කවුද දන්නෙ කොහෙ ගිහින් මොනව කරල මොන නැටුම් නටල එනවද කියල දැන් පත්තිනි අම්මල වගේ හිටියට.

අනේ යකෝ.. තෝ ගැන එහෙම ඒකි ඔය විදිහට හෙවුවනම් තොගෙ මූනවත් බලන එකක් නෑ තෝ නටල තියෙන ඒවයෙ හැටියට.

අපි නම් කොල්ලොනෙ බං.එහෙමද කෙල්ලෙක් උනාම.මොනව උනත් මචං ලංකාවෙ සංස්කෘතියෙ ගෑනියෙක් ගැන තියෙන සංකල්පෙ වෙනස් නෙ.ඒකට පිටුපාන්න මම කැමති නෑ බං.

අනේ පලයන් බං යන්න.කොහෙද බං උඹගෙ ඔය සංස්කෘතිය තියෙන්නෙ?උඹලගෙ තියෙන්නෙ මහ අමන මානසිකත්ව යකෝ.උඹල ගන්න තියෙන සේරම ෆන් අරගෙන බඳින්න හොයන්නෙ මැස්සෙක්වත් වහපු නැති කෑල්ලක්.වැඩක් නෑ බං උඹලා.එතකොට ඔය උඹල එක්ක හිටපු කෙල්ලො ගැන මොකද කියන්නෙ?

උන් මචං පහළ පන්තියෙ උන්නෙ.උන් එක්ක අපේ තියෙන්නෙ ගනුදෙනුවක් විතරයි.උන් කරන්නෙ රස්සාවක්.

නෙද්දකින් බං උඹල මහ කුහකයි බං.උන් පහත් පන්තියෙ.උන් එක්ක නිදාගන්න උඹල ඉහළ පන්තියෙ? මාර සංස්කෘතිය බං ඒක.

උඹත් එක්ක කතා කරල වැඩක් නෑ බං.අපි දෙන්නා හැමදාම මේ මාතෘකාව ගැනනෙ ඇරගන්නෙ.උඹ උඹේ මතේ.මම මගේ මතේ.

හ්ම් ඒක ඇත්ත බං.හරි හරි මං එහෙනම් කැපුනා.එනිවේ සුබපැතුම් !

හරි මචං.මොනා උනත් උඹ හිත හොද එකා බං.පස්සෙ කෝල් එකක් දෙන්නම්.                     


.................................................................................................................                                                                                                                                                                                                             
අඩෝ..හසියා

අහ් මේ උඹනෙ.කොහෙද බං මෙහෙ

යාළුවෙක්ගෙ වැඩකට ආවා බං.උඹ ‍කොහෙද?

ඔෆිස් ඇරිල යන ගමන් බං කන්න නැවතුනා.

එළ එළ.ආ ඒක නෙමෙයි කොහොමද එදා ගිය වැඩේ.‍වෙඩිමක් සෙට් වෙයිද ළඟදි

අම්මටසිරි මචං! වෙඩිම නෙමේ බං තව ටිකෙන් මගෙ මළගම බං.එදායින් පස්සෙ අම්ම තාම මගෙ මූණ බලන්නෑ බං හරියට.මං ජීවිතේට එහෙම පජාත වෙලා නෑ බං.ශෙහ්! කියල වැඩක් නෑ බං

අඩෝ..ඒ මොකද? කියපංකො ‍ මොකද උනේ උඹ නිකං මට පානිය දානව නෙමෙයිනේ

නෑ යකෝ..මේකයි උනේ අපි  එහෙට ගියා බං හරිද.කෙල්ලගෙ ගෙවල් රාජගිරියෙ.කෙල්ල ආවා හරිද.ඇවිල්ල බීම එකක් ඇල්ලුවා..

ආ බීමද? අර බුලත් නෙමේද බං දෙන්නෙ දැන්?

ඒවා ඉස්සරනෙ බං දැන් එහෙම නැතුව නැති.අහපංකො ඉතිං
මං ඒකිගෙන් බීම එක ගන්නකොට තමයි බං හරියට මූණ දැක්කෙ.මුං ෆොටෝ වල වගේ නෙමෙයි බං ඇත්තට.රෙද්ද කලින් අඳුරගත්තනම් මොන මඟුල කරල හරි මම ගෙදර නවතිනව බං.

ඉස්සෙල්ල මොකද්ද උනේ කියපංකො මගුල් කියවන්නැතුව.

හරි බං .ඒකි වැඩ කරන තැනට උඩ තට්ටුවෙ  තියෙනව බං මම නිතර යන එන  %^  පොට් එකක්.මේකිට මාවයි මට මේකිවයි හොඳටම මීටර් බං යන එනකොට  දැකලම.ශෙහ් ඒකිගෙ මූනෙන් තේරුණා බං අඳුරගත්ත කියල.

මළ සේකර! උඹ මාරයිනෙ කෙල්ල වැඩ කරන්නෙ කොහෙද කියල දැනගෙන හිටියෙ නැද්ද?

නෑනෙ බං මට එච්චර ඉන්ටරසට් එකක් තිබුනෙ නැති නිසා හරියට හෙවුවෙ නෑනෙ මම.

යකෝ ෆොටෝ එකෙන් යන්තමටවත් මතක් උනේ නැද්ද බං?

නෑ බං ඒකනෙ කියන්නෙ.මට මූණ දැකලත් ටිකකින් තමා මීටර් උනේ.ඒකිගෙ මූණ ඇද වෙච්ච විදිහට මම මුලින් කල්පනා කලේ මම ටෝක් කරපු එකක් වත්ද කියලා.පස්සෙනෙ බං මතක් උනේ.මට එතන හාරගෙන හාරගෙන යන්න හිතුන බං.

ඉතිං මොකද උනේ?

මම හිතුව ඒකි එතනම මගෙ රෙදි ගලවයි කියල.යන්තං ඒකි මූණ පුළුටු කරං ඇතුලට ගියා විතරයි.ගෙදර ආවට පස්සෙ එහෙන් කතා කරල කියල බං කැමති නෑ කියලා.ඒක විතරක් කියලනම් මදැයි අකමැති හේතුවත් අ‍ම්මට ‍කියලනෙ බං.දන්නවනෙ ඉතිං අම්මලගෙ හැටි දහඅටසන්නිය නටලා එක විකාරයයි බං.වෙලාවට මම එකම ළමය උනේ බං.නැත්තං මෙලහට දරුකමෙනුත් අයින් කරල.ඔන්න ඔහොමයි බං අපිට වෙන්නෙ.මොකද $$$%$$% තෝ හිනා වෙන්නෙ?

සොරි මචං පොඩ්ඩක් හිටපං ඈ..මට අධෝ මුඛයෙනුත් හිනා යකෝ උඹ ඒකිව බලන්න යන්න කලින් දීපු ටෝක් මතක් වෙද්දි.දිට්ඨධම්ම වේදනීය කරුමෙ යකෝ ඕක.අයියෝ රුපියල්..

තෝ හිනාවෙයං ඉතිං මගෙනෙ රෙදි ගැලවුනේ.තොපිට මොකද.තොපි වගේ පාප මිත්‍රයො ආශ්‍රය කරල තමා මට මෙහෙම උනේ

අනේ වරෙං බං නළවන්න.ඕක තමා බං මම එදත් කිවුවෙ උඹට.ඕක තමා බං උඹල තේරුම් නොගන්න ඇත්ත

අනේ මන්ද බං ඕව.
read more ››